↖️15↗️

1.1K 212 59
                                    


..

..

..

..ශැන් ශැන්....!!!!!!!!..


මගෙ ඇගම පන නැතුව ගියා....ඔලුවෙන් දැනුනු වේදනාවත්, බිමට තද උනු දනිස්වලින් දැනුනු වේදනාවත් නොදැනීම යනකොට මාව වෙව්ලුවා....එ. එයා..හ්....නෑ...ඒ...ක වෙ...න්න බෑ...දැනටමත්...දැනටමත් එයා හිටිය කාර් එක එකදිගටම ඇවිලුනු ගින්නත් එක්ක සෙල්ලම් බඩුවක් හා සමානව පිපිරිලා ගිහින් පැත්තකට පෙරලිලා තිබුනා....ලේවල පිලීගදත්, වෙඩි බෙහෙත් ගදත් පරදවලා ටයර් පිච්චෙන ගදත් එක්ක කලු පාට දුමාරයක් හැමතැනම පැතිරිලා තිබුනා....එක්කෙනෙක් නෑ...එක දෙන්නා මැරිලා වැටිලා තාමත් කා කොටා ගන්නකොට මගෙ ශැන් ශැන්ට උනේ මොකක්ද බලන්න එකෙක් හිටියේනෑ.....මට දරාගන්න බැරි උනා....දෙයියනේ මගෙ කොල්ලා මගෙ ඇස් ඉස්සරහම මට නැති වෙලා ගිහින් තියෙද්දි මට දරාගන්න බැරි උනා....රත් උනු පොලොව උඩ ගිනිගන්න හිතක් එක්ක මං බිම දනගහන් හිටියා...පිටිපස්සෙ හිටියේ මොකා උනත්....ඌ ගැහුවෙ මගෙ ඔලුවටම උනත් මට රිදුනෙ නෑ....පිටිපස්සෙන් දැන්නු වේදනාවට වඩා ඇස් ඉස්සරහින් පෙනුනු දේත් එක්ක පැලිලා යන්න තරම් වේදනා දුන්නු පපුව මට තවත් බරක් උනා...පිලිගන්න අමාරු තැන...ඉවසන්න බැරි තැන ඇස්වලට කදුලක් උනන්න පවා අමතක වෙලා ගිහින් තිබුනා ...මගෙ ආදරේ ....මගෙ ලෝකේ...මගෙ ජීවිතේ...මේ තරම් පරිස්සම් කරන්න හදන දේ...එක මොහොතකින්...ඇහි පිය ගහන තප්පරෙන් මගෙන් ඈත් වෙලා තියෙද්දි මගෙ හුස්ම මටත් හොරෙන් හිර වෙලා ගියා....


..ශ්..ශැන් ශැ....න්න්....

මට මිමිනුනා....ඇගිල්ලක්වත් හොල්ලගන්න බැරි තැන ගල් වෙලා හිටිය මාව බිමට වැටෙන තරමට කොන්දට පයින් පාරක් වදිද්දි කෑ ගහනවා වෙනුවට මට එයාගේ නම මිමිනුනා.... ඒ පිම්මෙන්ම පිටිපස්සෙන් හිටිය එකා මගෙ කොන්ඩෙන් අල්ලලා මාව ඉස්සුවත් ඌ තවත් මොනාහරි කරන්න කලින් මාව අත ඇරලා පැත්තකට උනා...නෑ ඌව කවුරු හරි ඇදලා ගත්තා...සමහර විට මගෙ එකෙක් වෙන්න ඇති...අන්තිම මොහොතෙ හරි මට උදවු කරන්න ආව එකෙක් වෙන්න ඇති...ඒත් වැඩක් තියෙනවද....මගෙ ඇග විතරක් බේරගෙන වැඩක් තියෙනවද....මගෙ ආත්මෙ මං ළඟ නොවෙනකොට...ඒ ආත්මේ අයිතිකාරයව අත ඇරලා දාලා මාව බේරගෙන වැඩක් තියෙනවද....

💓WITH YOU 💓 ( Zy Completed  ff)Where stories live. Discover now