↖️22↗️( Double Bns )

1.1K 202 28
                                    

..

..

..


Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°

.
.
.

..අම්මාහ්හ්හ්හ්හ්....



මට දැනෙන්නෙ මං දැන් පොඩි එකෙක් වගේ....තව අවුරුද්දකින්...නෑ නෑ මාස ගානකින් මට තිහයි...ඒත් මං තාමත් අම්මගේ පස්සෙන් යනවා....අම්මා කෑම මේසේ ලෑස්ති කරනකොට මං එයාගේ දිග ගවුමේ කොනක් අල්ලනෙ එයා පස්සෙම වැටෙනවා...අම්මා එහෙට හැරෙද්දි මාත් එහෙට හැරෙනවා..... එයා කැරකෙනව නම් මාත් කැරකෙනවා.....ඉතින් අම්මා මට බැන බැන උනත් මහ ලෝබකමකින් මගෙ කම්මුල් අත ගාලා තප්පරෙන් තප්පරේට මගෙ කොල්ලා කියන එක මිමිනුවා.....මමත් හේතුවක් නැතුවම..හැම මොහොතකම අම්මා කියන එකම විතරක් තාලෙට කියාගෙන ඒ ආදරේ දරාගන්න බැරි තැන කම්මුල එබෙන්නම හාද්දක් දුන්නා....නෑ නෑ හාදු ගොඩක්...මෙච්චරයි කියලා මනින්න බැරි අම්මගෙ ආදරේ පුරවන්නම බලන් එක පිට එක....එයාගෙ තුනපහවල සුවද පරදන් තාමත් එන කිරි සුවදට හුස්ම අල්ලන ගමන් මං අම්මා පස්සෙම කැරකුනා....

..එහාට යන්නකෝ ලමයෝ...

..වද දෙන්නෙ නැතුව ඉන්න අනේ...

..යෝහ් . මේ කොල්ලා තාම පොඩි එකා වගේ.... ඇගේම ඇලෙනවා....

..ලමයෝ ..අපෝ අර පොඩි එකී මීට හොදයි ..

..එහාට යන්නකො දරුවො මං ළඟ දාඩිය ගදයිනේ .

වචනවලින් විතරක් බනින හිතේ ආදරේම පිරුනු නොරිස්සුම් බොරු බව දැන දැන මං ආයෙත් ඒ බෙල්ලට නහය තියලා හුස්මක් ඇද ගත්තා....

..ම්හුක්...එහෙම නෑනේ..සූදයිනේ ..

..හහ්...මෙන්න එක් කෙනෙක් හුරතල් වෙන්න පටන් අරන්....අනේ අනේ ඉතින් ශෝක් එකට තියෙයි...මේ ඉන්නෙ මහ ලොකු ඉලන්දාරියෙක් කියන්නත් ලැජ්ජයි....මුනුබුරෝ හුරතල් කරන්න ඕන කාලේ අම්මට කොල්ලො හුරතල් කරන්න වෙලා.....





අම්මා එහෙම කියනවත් එක්ක මං ඉක්මනටම අම්මගෙන් අයින් උනා...කසාදෙ කසාදෙ...එයාට මාව දැක්කත් හරි මතක් වෙන්නෙ ඔය වචනෙ විතරයි ..

..කෝ කෝ අහකට ..තවත් ඇගේ එල්ලෙනවාඅ...



අම්මා මාවත් තල්ලු කරන් පිඟන් ටික මේසෙ උඩින් තියද්දි මං අඩියක් පිටිපස්සට උනා ..මට ඔය ටොපික් එක ඇදලා ගන්න ඕන...ඒත් වෙන විදිහකට...

💓WITH YOU 💓 ( Zy Completed  ff)Where stories live. Discover now