↖️35↗️(Double Bns)

1.1K 188 61
                                    

..

..

...

Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°

..

..

ඌ බැල්කනි එකෙන් නොපෙනී ගියා......දාඩියෙන් පෙගිලා වැටෙන්න ඔන්න මෙන්න හිටිය මට ඌ කරන්න යන්නෙ මොකක්ද කිය්ලා අදහසක් තිබුනේ නෑ.ඒත් බලාපොරොත්තු නොවුනු විදිහට අතුරුදහන් වෙලා ගිය ඩොන් බැල්කනි එකට ඇදන් ආව රූපෙත් එක්ක මාව හිටි තැනම දන ගැස්සුනා.......

..අ...ම්...මා....හ්.......


....
..
.
..
...


මට ඒ දිහා බලන්න තරම් හයියක් තිබුනේ නෑ....ඩොන්ගෙ අතට අහුවෙලා තිබුනු අම්මගේ බෙල්ල මං බලන් ඉද්දි තව තවත් තද වෙන්න ගන්නකොට මගෙ වචනම ගොළු වෙලා ගියා...... මගෙ අම්මා දගලනවා....මට වගේ හුස්ම ගන්න අමාරු වෙන අසනීපයක් තිබ්බ එයා හිර වෙලා තිබුනු ඩොන්ගෙ අතට ගහන ගමන් ගැලවෙන්න දැගලුවා..... සම්පූර්ණයෙන්ම කට ඇරගෙන මූන උඩට අල්ලන් එයා හුස්ම ගන්න හැදුවා...අනේ අම්මට කතා කරගන්න බෑ......අම්මට හුස්ම ගන්න අමාරුයි ....එයාට බෑ තවත් අල්ලන් ඉන්න......



..අ..තා..රිනවා....හ්හ්.....



මගෙ උපරිම ශක්තිය එකතු කරලා මං කෑ ගැහුවා... බෙල්ලට අත තද කරන් ඌ එයාගේ කොන්ඩෙන් ඇදලා ගත්‍තා ..මට පේන්නම...මට දරාගන්න බෑ කියලා දැන දැන.......



..අතාරින්න කියන්න තරම් උබ පරක්කු වැඩියි බබා...හිතන්න තිබ්බා...උබට හිතන්න තිබ්බා මට විරුද්ධ වෙන්න කලිම් මේ දේ වෙනවා කියලා..මන් උබට වෝර්න් කලත් එක්ක ..ඒත් ඇහුනේ නෑනේ....මට කරන්න දෙයක් නෑ පැටියො.....

..අ.ම්..මා..හ්......




මට කෑ ගැහුනා....ඌ කලේ මං පරක්කු වැඩියි කිය කිය කොන්ඩෙන් ඇදලා අම්මගේ ඔලුව බිත්තියේ ගහපු එක වෙද්දි මට උගුර කැඩිලා යන තරම් සද්දෙන් කෑ ගැහුනා....අම්මා....මගෙ අම්මා....හුස්ම ගන්න බැරිව අඩවන් වෙලා තිබුනු එයාගේ ඇස් ලේවලින්ම වැහිලා යනකොට පුතෙක් විදිහට මට කරගන්න දෙයක් නැති උනා....දෙවෙනි තුන්වෙනි පාරට මං ඉස්සරහම ඌ අම්මගෙ ඔලුව හප්පද්දි දුවන් යන්න හැදුවත් මට බැරි උනා....උන් මගෙ පාර හරස් කලා.....මේ තරම් වෙලා අල්ලගන්න බැරිව ගිය මාව එකපාර අල්ලන් අත් පිටිපස්සට නවලා බිම දනගැස්සුවා......ඒත් මට බෑ......නවපු දනිස්වලට මගෙ බර එක්ක උන්ගෙ බරත් එකතු වෙනකොට බෙල්ල උස්සලා බලනවා මිස මට නැගිටගන්න බැරිව ගියා..... උන් මට නැගිටින්න දුන්නෙ නෑ....මට කරගන්න පුලුවන් උනු එකම දේ ඔලුව දෙපැත්තට හොල්ලන ගමන් එපා කියල කෑ ගහන එක විතරක් ම උනා.....




💓WITH YOU 💓 ( Zy Completed  ff)Where stories live. Discover now