5️⃣ Chapter 👅💥

1.9K 367 155
                                    

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


5️⃣ Chapter 👅💥

වෙනදා වගේම නැනීගෙ කන්දොස්කිරියාවට උදේ නැගිටලා ලෑස්ති වෙලා මං ඩ්‍රයිවර් එක්ක කොලේජ් යද්දී අර රාජ්‍ය ලාංඡනය ගහපු මිස්ටර් ෂියාඕගේ කාර් එක එයාලගෙ ගේට් එකෙන් එලියට දැම්මා... දැන් ඒක ඉස්සරහින් යනවා... අපේ ඒක ඒකට පිටිපස්සෙන් එනවා....

අර උස හාදයා කාර් එක ඇතුලේ ඇති සැපට ඉදගෙන... මට ඒත් එක්කම ඊයේ රෑ කාමරේ ඇතුලේ උන දේ මතක් වෙලා සීන්ගෙ මුලු ඇගම ආයෙ මැවිලා යද්දී මං ඔලුවට අතින් එකක් ගහගත්තේ මෙහෙම ගියොත් මාව ඉක්මනටම අමු පිස්සෙක් වෙන නිසා..

" ඕක ඕවර්ටේක් කරලා යමු අන්කල්... ගාටනවානෙහ්.."

"ම්ම් පොඩි බේබි මං හිතන්නේ ඩ්‍රයිවර් කෝල් එකක ඒකයි..."

" අනේ නටාගන්න කියන්න... හෝර්න් එක උඩ නැගගෙන හරි ගහලා ඕවර්ටේක් කරලා අපි යමු... මට පරක්කුයි !! "

සීන්ලාගෙ කාර් එක ඉස්සර කරගෙන යන්න කුරිරු ආසාවක් ආව මං ඩ්‍රයිවර් අන්කල්ව මැඩෙව්වේ හිතින් හිනාවෙන ගමන්... මට ඇති පරක්කුවක් නෑ... ඔය ඉස්සරහින් යන උස හාදයත් යන්නේ ඉතින් අපේ කොලේජ් එකටමයි නෙහ්... මං කිව්වා වගේම අන්කල් හෝර්න් එක දෙපාරක් ගැහුවා...

" අයියෝ ඔහොම මදි... කන බිරීවෙන්නම ගහන්න... අරූගෙ..."

" කාගෙද බේබි? ඩ්‍රයිවර්ගෙද? "

" අර සී... ආහ් නෑ ඔව් ඩ්‍රයිවර්ගෙ තමා... "

එයාගෙ නම කියවෙන්න ගිහින් ගිලගත්ත මං පාවලා දුන්නේ අසරණ ඩ්‍රයිවර් ව... මගෙ කන්දොස්කිරියාව නිසාද කොහෙද අපේ අන්කල් එක දිගට හෝර්න් ගහද්දී කාර් එක සිග්නල් දාලා පාර අයිනට ස්ලෝව් කරද්දි අපි ඕවර්ටේක් කරලා ඉස්සර උනා... මං කාර් එකා කළු පාට ෂටර් එකට මූණ තියලා බැලුවෙ ඇතුලේ ඉන්න උන් පේනවද කියලා... අන්තිමට ඕපේ හොයන්න ගිහින් උනේ අන්කල් ගහපු බ්‍රේක් පාරක් නිසා ෂටර් එකේ මූණ තියන් හිටපු මගෙ නහය තැලිලා ගිය එක...

" ආ..ව්වා... "

" ආහ් සොරි පොඩි බේබි... ඉස්සරහා කලර් ලයිට්ස් සිග්නල් වැටුනා..."

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🚁   ✔️Where stories live. Discover now