03

218 31 5
                                    

JiHyun_95

මුලින්ම ස්තුතියි  මටත් අවස්තාවක් ලබා දුන්නට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුලින්ම ස්තුතියි  මටත් අවස්තාවක් ලබා දුන්නට..... @chat-with-radio ......

මං jihyun, ...
මුලින්ම wattapad  ආපු දවස් වල මේ app එක අරගත්තේ කතා කියවන්න කියලා, ලියන්න නම් අදහසක් තිබුනේ නැහැ .....
ඉස්සර කතා කියෙව්වෙ facebook app එක හරහා , එහේදි කතා කියවන එක ටිකක් අපහසුයි මොකද chapters එකින් එකට හොයන්න ගියහම එපා වෙනවා........

ඉතිම් මං ඉස්සෙල්ලාම කියෙව්වේ ශෙහා අක්කි ගේ පොතක් මනෝකාය කියලා ,එයා මට අනුව ගොඩක් දක්ෂ ඔතර් කෙනෙක් ...
එයා තමයි මට wattpad එක ගැන කියලා දුන්නේ...

Chapters බලන විදිය කියලා දුන්නේ අලුතින් කතා හොයාගන්න විදිය එහෙමත් කියලා දුන්නේ,

පොත් ලෝකේ අස්සේ ඉන්න කොට සැබැ ජිවිතේ තියෙන ප්‍රශ්න වලින් මං ඈත් උනා... මං ආස කරා මාව ඇත්ත ලෝකේ තියෙන ප්‍රශ්න ඈත් කරන තැන් වලට .... ඉතින් දිගටම පොත් කියවන්න ගත්තා .... එක පුරුද්දක් උනා මට.... එක දිගටම කියවද්දි සමහර පොත් වල ඊලග chapter guess කරන්න එහෙම පුලුවන්  උනා ,
සමහර ඔතර්ලා ගේ announcement නිසා  එයලා එක්ක කතා බහ කරද්දි වට්සැප් මැසෙජ් කරද්දි එයාලා නිතරම කියපු දෙයක් තමයි අනේ අක්කේ  ඔයාට ලස්සන අදහස් තියෙනවා ඔයත් ලියන්නකෝ කියලා ... 

ඉතින් නිකමට වගේ ලියන්න ගත්ත පලවෙනි පොත තවම ලියනවා මං  ..... එ අතරේ ලියන්න ගත්ත පෙලක් පොත් කම්පිලිට් උනත් ඉස්සෙල්ලාම ලියන්න ගත්ත පොත ඉවර නැහැ තවමත් මගේ....

මං ඔනම category එකක පොත් කියවන කෙනෙක් ... අහුවෙන ඔනම පොතක් කියවන කෙනෙක් ,... සමහර පොත් වලට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක්........

මං පටන් ගත්ත දෙයක් අනිවාර්යයෙන් ම ඉවර කරන්න කැමති කෙනෙක් .... ඉතින් කොහොම පටන් ගත්තත් අනිවාර්යයෙන් ම  පටන් ගත්ත දෙයක අවසානයක් තියෙනවාමයි ....... ටිකක් කල් බලාගෙන ඉන්න වෙනවට මං සමාව ඉල්ලනවා .... එත් මං අනිවාර්යයෙන් ම ඒ දෙවල් අවසන් කරනවා...

new authors  ( less than 300 followers)Where stories live. Discover now