05

186 19 7
                                    

AthenaZ97.

ඉස්සෙල්ලාම Chat with Radio ඔයාලට ගොඩාක් ස්තූතියි මට මේකට interview එකක් දෙන්න කීවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉස්සෙල්ලාම Chat with Radio ඔයාලට ගොඩාක් ස්තූතියි මට මේකට interview එකක් දෙන්න කීවට.

මම ගැන කීවොත්.....
ඇත්ත නම නං indiwari.......
හැබැයි මම ලියන්නෙ Athena Artenhope The Poetic Doctor කියන tredname එකෙන්.
(මම මගෙ ඇත්ත නමට කැමති නෑ ටිකක් දිග හේතුවක් නිසා)
මම රුහුණේ මෙඩිසින් කරන්නේ.
විනෝදාංශයක් විදිහට තමා ලියන්නෙ.

Wattpad වලට එන්නෙ නං මම කියවන්න.
ඒ ගිය අවුරුද්දෙ අග.
මුලින්ම කියෙව්වෙ silent lover කියන chinese danmei එකෙ english translation එක.
පස්සෙ මම mdzs, faraway wanderers වගෙ තව english translations කියවන්න ගත්තා.
English ff ත් කියෙව්වා.

කොහොමත් ඉස්කෝල කාලෙ ඉදන් ලියන එක අන්තිමට මේකෙ පළ කරන්න හිතුණා.
එහෙම හිතල මම මේ අවුරුද්දෙ ජනවාරි අග මගෙ මුල්ම පොත පටං ගන්නව

නිවුන් බල
MDZS FanFiction එකක්
හැබැයි ඒක තවම ඉවර කරෙ නෑ.

පස්සෙ මට ඕන වුණා මගෙම නිර්මාණයක් කරන්න.
ඒ විදිහට මම ලීව පළවෙනි කතාව නං නියඟලා
සමාජය තුළ ⁣බොහොම සුලබ සිද්ධියක් පාදක කරගෙන විභාග පීඩනය නැති වෙන්න ලියන oneshot එකක්.

ඔතනිං පස්සෙ මම දේවදාසි ලියනවා. ඒකත් oneshot. වැඩිය කතා වලට අහු නොවෙන සංකල්පයක් තමා ඒකට පාදක කරගන්නෙ.

එහෙම පටං ගත්ත මගෙ wattpad ගමනෙ මම novels කීපයකට මුල පිරුවා වගෙම තවත් oneshots කීපයකුත් ලිව්වා.

මගෙ එක වෙනසක් තියෙනවා. මම ගොඩාක් ම කැමති historical stories ලියන්න. ඒවගෙත් සාමාන්‍යයෙන් literature & poetry content එක අනිත් කතුවරුන්ට සාපේක්ෂව වැඩිපුර මම එකතු කරනවා. (හොඳද නරකද කියල කියන්න නං දන්නැ ඒක)

ගොඩාක් වෙලාවට මගෙ වටේ ඉන්න අය මට කීවෙ ඔයාට බෑ කියලා. අම්මා තමා හැමදාමත් නෑ ඔයාට පුළුවන් කීවෙ. ඉතිං ඒ නිසාම අදටත් මං,ලියන හැම එකකම පලවෙනි පාඨකයා අම්මා.

එයාගෙං පස්සෙ ඔයාට පුළුවන් කියල කෙනෙක් කීවා නං ඒ wattpad වලිං මගෙ වටෙ එකතු වුණ පාඨකයන් පිරිස. එයාලත් මාව සෑහෙන දිරිගන්වනවා.

වැදගත් ම කෙනා පවනි නංගී
(Ms. Finiks)
මගෙත් එක්ක ලියාගෙන යන අතරමග දි එන ප්‍රශ්න නිරාකරණය කරගන්න උදව් වෙන්නෙ. අනෙ මෙහෙම එකක් ලියමු කියන්නේ එයා තමා ගොඩාක් වෙලාවට. (ඇත්තටම මේ තමා අම්මා හැරුණම මගෙ ජීවිතේ දුකට සැප⁣ට සනී වගෙ ඉන්න කෙනා)

ඉතිං මේ අයට ස්තූතියි වගෙම පිං මා වෙනුවෙන් ඉන්නව⁣ට.

මේ වෙද්දී wattpad වල මගෙ අරමුණ. අභාවයට යන අපෙ මේ ලස්සන භාෂාව, සාහිත්‍යය අනිත් අය අතරට ගෙන යාම සහ මගේ හිතේ සැනසීම.

මම ලියනව හොඳ නං votes comments followers ල මට ලැබෙයි.

හිතනවා මේක කියවන අනිත් අයට inspiration එකක් ලැබෙයි කියලා.

එහෙනං වචනෙකිං හෝ මාව දිරි ගන්වන හැමටත් මට මේකට invite කරපු chat with radio ඔයාලටත් ආයෙම වතාවක් ස්තූතියි.

හැමෝටම ජය!

මම,
Athena Artenhope
The Poetic Doctor

new authors  ( less than 300 followers)Where stories live. Discover now