𝙼𝚊𝚢 𝙱𝚎 𝙾𝚗𝚎 𝙳𝚊𝚢 - 26

649 92 24
                                    

"You've always got my back and stood by me through all the ups and downs of my life. I am so blessed to have you, my baby. You make my world"

🥀🥀🥀🥀🥀🥀

𝕸𝐚𝐲 𝕭𝐞 ♔︎ 𝕠𝕟𝕖 ♔︎ 𝓓𝐚𝐲

°

°

°

°

°

°

"Wen Qing ගෙන් ගත්ත තොරතුරු වලට අනුව Wang Zhuo Jie හදන්නේ අපිට පහරදෙන්න. එයා කියන විදිහට ඒක ඕනිම වෙලාවක වෙන්න පුළුවන්. සතියකින්....දෙකකින්....සමහර විට දවස් තුනකින්.... භයානකම දේ මේ දැන් උනත්....."

Yibo ඔහුගේ ස්වාමියා අනෙක් අයට පවසන මේ සියල්ලම අසාගෙන ඔහු ඉඳ සිටින Zhan ගේ විශාල පුටුවේ නිහඬවම බලා සිටින්නට වුනා. ඔහුට විශ්වාසයි Wang Zhuo Jie තවත් නම් නිකන්ම සිටින්නේ නැති බවට. ඔවුන් විනාශ කරේ Wang Zhuo Jie ගේ විශාලම හොර බඩු තිප්පොල පමණ නොවේ. ඔහුගේ විශාලතම ගණුදෙනුකරු සමග ඔහුට ඇති සම්බන්ධයයි. ඒ වගේම දැනටම ඔහු දන්නවා ඇති මේ හැම දෙයක්ම Zhan කල දේවල් බවට. ඉතින් ඔවුන් නිකන් සිටීද?

ඔහුට තවමත් සිතා ගන්නට බැහැ ඔහුගේ මව කොහොමද ඔහුට මෙහෙම කලේ කියා. ඇයගේ හොර සැමියා නිසා ඇය කොහොමද ඇයගේ එකම දරුවා මේ තරම් පිළිකුල් කලේ? ඇය කොහොමද ඔහුට මේ තරම් බොරු කලේ? ඇය කොහොමද Yibo ගේ මුළු ජිවිතයම ඔහු ඉදිරියේදී බොරුවක් රැවටීමක් බවට පත් කලේ?

"ඔයාලා හැමෝම මෙකේදී මාත් එක්කම ඉන්න ඕනි. මේක ඉල්ලීමක් නෙවෙයි. මගේ අණක්. මට මේක ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඕනි. මේක මායි Wang Zhuo Jie නුයි අතර ප්‍රශ්නයක්. ඒත් කාටහරි මේකට participate කරන්න ඕනි නැත්තන් දැන්ම කියන්න...මොකද මට ඒ වගේ අය ගැන නාස්ති කරන්න කාලයක් නැහැ. *දොර පෙන්නමින්* අන්න අර පේන දොරෙන් මේ දැන්ම දොට්ට බැහැලා යන්න පුළුවන්...හැබැයි..... *හැම අයෙක් ගේම මුහුණු දෙස තියුණු ලෙස බලමින්* ආයේ මගේ ඉස්සරහට එන්න හිතන්නවත් එපා. එහෙම උනොත් වෙන දේ ගැන දන්නවනේ? මම ආයේ විස්තර කරන්න යන්නේ නැහැ"

ඔව් අනිවාර්යයෙන් ම. ඔවුන් දන්නවා මොකක්ද එහෙම වුනොත් වෙන්නේ කියලා. ඔවුන්ව සියළු දෙනා ඉස්සරහා පෙනේරයක් වනතුරු වෙඩි තබා මරා දමයි. ඒ වගේම හැරයන්නට සිතන අය.....ඔවුන් ගේ සියළු ලැජ්ජාවන් අත ඇරිය යුතුයි. ඒ නිසයි මේ කිසිවෙක් කිසිම දවසක කිසිවෙක් අත නොහරින්නේ. විශේෂයෙන්ම ඔවුන් ගේ Boss ව. ඒ වගේමයි Zhan. ඔහු මේ හැම අයෙක්ම ඔහුට ඔහුගේම පවුලක් වගේ. ඔහු මේ හැම අයෙක්ම වෙනුවෙන් තනතුරු ස්ථාන නොසලකා සටන් කරනවා. ඔහු හැම විටම ඔහුගේ යටත් සටන් කරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා.

𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️Where stories live. Discover now