𝙼𝚊𝚢 𝙱𝚎 𝙾𝚗𝚎 𝙳𝚊𝚢 - 29 ⚠️️

589 89 9
                                    

"The most important thing in life is to learn how to give out love, and to let it come in."

🥀🥀🥀🥀🥀🥀

𝕸𝐚𝐲 𝕭𝐞 ♔︎ 𝕠𝕟𝕖 ♔︎ 𝓓𝐚𝐲

°

°

°

°

°

°

"ඔයා හොඳින්ද Bo?" Estella සෙමින් ඇයගේ ප්‍රධානියා අසල ඉඳගෙන අසන්නට වුනා. එහෙත් මේ මොහොතේ එතන සිටියේ භයානක greamreaper ලෙස හැසිරෙන තරුණයා නොවේ. සැහැල්ලු නමුත් ඈතට දිවයන කල්පනාවකින් පිරුණු තරුණයෙක්.

ඇය ඔහුගේ අත මතින් ඇගේ අත තබා සෙමින් තට්ටු කරන්නට වුනා. "මම හොඳින්. Gege මගේ එක්ක ඉන්නවා. ඔයාලා හැමෝම ඉන්නවා. ඉතින් ඒ නිසා මට ඒක ලොකු බලපෑමක් නෙවෙයි."

ඇත්තටම එය බොරුවක්. සිදුවුනු සිදුවීම් Yibo ගේ හිතට සෑහෙන්න බලපෑමක් දැනටම සිද්ධ කර අවසන්. විශේෂයෙන්ම ඔහුගේ දෙමව්පියන් ගැන හෙලිදරව්ව. ඒත් පෙරදින මුළු දවස පුරාම කාමරයට වී ඔහුගේ husband ගේ උණුසුමේ පැය ගණනක් හිත පිරෙනකන් ඇඬුවයින් සහා කතා කිරීමෙන් පසුව මේ වන විට ඒ හැම දෙයක්ම ඔහුගේ හදවතේ පාලනය වෙලා. ඔහුගේ මව ඇත්තටම මානසික ව අසනීපයි කියලයි ඔහුට සිතන්නේ. ඇය එක් මිනිහෙක් නිසා ඇගේ කුසෙන් ඉපදුනු දරුවාට කුණු ගොඩක් වගේ සැලකුවා නමුත් ඒ දරුවව අයිති ඒ මිනිහට කියලා දැනගත්තම ඇය කොහොමද ඒ වගේ ඉක්මනින් හැඟීම් මාරු කරන්නේ?

Yibo ඇයට දොස් කියන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ. ඒත් ඔහුට එය දරාගන්නට නොහැකි තරම් වේඳනාවක්. ඔහු ගේ ජිවිතයම බොරුවක් බවට දැනගැනීම වේඳනාවක්. ඒත් බාලයා හිත හදාගෙන සිටියේ මේ හැමදෙයක් ගැනම. විශේෂයෙන්ම මවගෙත් පියාගෙත් මරණය පිළිබඳව. එහෙත් දෙවෙනි වතාවටත් ඇය පැමිණ ඔහුගේ ලෝකය අවුල් කර නැවත මිය ගියා කියා ඔහු හිත හදගන්න උත්සහා කරන විටම....නැහැ ඇය තවම ජීවත් වෙනවා.....

සමහර විට දෛවය තවමත් ඔහුට නිදහසක් දෙන්නට අකමැති ඇති. නැත්තන් මේ හැම දේකින්ම මිදිලා Zhan එක්ක ඈතකට ගිහින් ජීවත් වීමට ඔහුගේ ඇති ආශාව තවමත් ඔහුට ඉෂ්ට කරගන්න වාසනාව නැතුව ඇති. ඔහුට තවමත් ඔහුගේ ජිවිතේ අඳුරු අතීතයන් සමග සටන් කරන්නට වෙනවා.

𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️Where stories live. Discover now