Chapter 4

128 38 34
                                    

"ලමයි අපි අද ඉගෙන ගන්නේ හරිතලවය, මයිටකොන්ඩියම,න්‍යෂ්ටිය යන ඉන්ද්‍රයිකා තුන ගැනයි.."

දෙවියනේ මේ මොකක්ද මේ වෙලා තීන්නේ.....

එකම දේ ආයේ ආයේ අහලා මටනම් එපා වෙනා තීන්නේ....

මන් මේ පාඩම ඉගෙන ගන්න හතරවෙනි පාර මේ..

ඔම්මගෙන් එකම විදිහට එකම දේ ගැන බැනුම් අහනවා..

ඒ මදිවට අර ලස්සන කොල්ලා මගෙ ඇස් ඉස්සරහම ආයේ ආයේ හැපෙනවා..

මන් කොච්චර ට්‍රයි කලත් මට ඒ පොඩි කොල්ලව බේරගන්නත් බෑ..

ඒ කොල්ලව බේරගන්න පාරට පනින මන් ගැස්සිලා නැගිටින්නේ මගේ ඇදෙන්..

මන් මුලින් හිතුවේ මන් දකින්නේ හීනයක් කියලා..ඒත් ඒක එහෙම නෙමෙයි..

මන් මේ දවස් හතරක් තිස්සේ සැප්.1 දවසේ ජීවත් වෙනවා..

අර ඇක්සිඩන්ට් එකත් එක්ක ගැස්සිලා ඇහැරෙන මන් ඔම්මා හොයන් ගිහාම ඔම්මා කලින් කියපු දේවල් කියලම මට බනිනවා..

ස්කූල් එකට ආවම සර්ලා තුන්දෙනා උගන්වන්නේම එකම පාඩම් ටික..

එකම පාඩම හතර පාරක් එකම විදිහට අහන් ඉදලා මට දැන් ඒක කට පාඩමින් කියන්නත් පුලුවන් ඇති..

ස්කූල් ඉවරවෙලා කෙලින්ම එලියට දුවන මන් කල්පනා සාගර වල ගිලෙන්නැතුව කෙලින්ම පාර දිගේ දුවන්නේ අර හැපෙන කොල්ලව බේරගන්න..

ඒත් ඒත් එකම දවසකවත් මට එයාව බේරගන්න බැරි උනා.

මන් මුලින් හිතුවෙ එයා පාර මාරු වෙනකොට නිකන්ම හැපෙනවා කියලා..

ඒත් ඒක එහෙම නෙමේ..

ඒ බෝයිව හප්පන්න එපා කිය කිය මන් කෑගහන් යද්දිත් ඒ මනුස්සයා ඒ බෝයිව හප්පන් යනවා..

*ආ ඒක මතක් වෙද්දිත් මගේ පපුව රිදෙනවා..*

අදනම් මන් කොහොම හරි ඒ ලමයව බේරගන්නවා..

සමහරවිට මන් එයාව බේරගත්තොත් මේ හැමදේම ඉස්සර වගේ සාමාන්‍ය වේවී..

ඔම්මගෙන් හැමදාම බැනුම් අහන්න වෙන එක්කුත් නෑ.මට එකම පාඩම ආයේ ආයේ අහන් ඉන්න වෙන එක්කුත් නෑ..

අර...අර ලමයා හැමදාම හැප්පෙන එක්කුත් නෑ...ඉතින් මට වේදනාවක් දැනෙන එක්කුත් නෑ..

"ටිලිං ටිලිං ටිලිං"

ස්කූල් එන්ඩ් වෙන බෙල් එකේ සද්දේ ඇහුනා..

මන් ස්කූල් බෑග් එකත් අරගෙන හැල්මේ එලියට දිව්වේ ගේට් එක ලග හිටපු ප්‍රිෆෙක්ට්ලවත් ගනන් නොගෙනයි..

*අනේ දෙවියනේ අදවත් මට එයාව බේරගන්න ලැබෙන්න...*

මන් දුවන ගමන් එහෙම ප්‍රාර්තනා කරලා පාරේ අනික් පැත්ත බලන ගමන් ඒ ලමයා කොහෙද කියලා හෙව්වා..

එයා පාරේ එහා පැත්තේ ඉදන් හිනා වෙවී ඇවිත් පාර මාරුවෙන්න දෙපැත්ත බලන ගමන් හිටියේ..

මන් එයාට එක එක විදිහට කතාකරලා පාර මාරුවෙන්න එපා කිව්වා..

අතින් පයින් දන්න කියන හැම ක්‍රමේකටම එයාට පාර මාරුවෙන්න එපා කිව්වා.

මගේ මූනට හිනාවක් දීලා එයා මන් කියපු දේ දැක්කා..

එයා පාර මාරුවෙන්න ඉස්සරහට තිබ්බ අඩිය මන් දිහා බලලා පිටි පස්සට ගත්තා..

ඒත් ඒත්....

රේස් කර කර ආපු බයික් කාරයා බයික් එක ඒ කොල්ලා දිහාවට කැපුවා...

"එපා.....අනේ එපා...එයා පව්...."

අර ලස්සන කොල්ලා බයික් එකේ වැදිලා උඩින් විසික් වෙද්දි මන් කෑගහන් එයා ලගට දිව්වා..

මන් අඩ අඩ ඒ කොල්ලා දිහා බලද්දි ඒ පුන්චි කොල්ලා කදුලු පුරවගත්ත ඇස් වලින් මන් දිහා බැලුවා..

ඒ ඇස්වල තීන වේදනාව දැක්කාම මට බයික්කාරයා ගැන දැනුනේ කියාගන්න බැරි තරහවක්...

"I kill you.."

කේන්තියෙන් පුපුර පුර හිටපු මන් බයික් කාරයා ලගට යන්න හදනවත් එක්ක මට ලොකු සැහැල්ලුවක් දැනුනා..

මට මාව ඈතට විසික්වෙලා යනවා වගේ හැගීමක් දැනුනා..

*ආයෙත් එපා...එකම දවසෙ ඉදලම එපා එපා වෙලා තීන්නේ මට......😣*

* මට මේක වෙනස් කරන්න ඕනී...😩 මට මේ ජීවිතේ තිත්ත වෙලා.....😖 මට ඒ කොල්ලව බේරගන්න ඕනී.......😫*

මන් එහෙම හිතනවත් එක්ක දරාගන්න බැරි එලියක් එක්ක මගේ ඇස් පියවිලා ගියා..

.
.
.

few minute later...

"අයියන්ඩි අයියන්ඩි...අවදිවන්න..."

"අයියන්ඩීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

"අහ්..."

That is my lifeWhere stories live. Discover now