Chapter 14

79 28 27
                                    

"ඔබ ඇයි මා දෙස ගිල දැමීමට මෙන් බලා සිටින්නේ.."

මන් මගේ ඇදුමේ පටි ලිහිල් කරන ගමන් රජතුමාගෙන් ඇහුවා..

"මා ඔබට අසුන්ගැනීමට පැවසුවේ නෑ අනික ඔබ ඔය කුමක්ද කරන්නේ...."

"ඔබ මගේ අවසරේ ඇතිව නොවේ මා ඔබගේ ආරක්ෂක ලෙස තෝරාගත්තේ... මට මේ ඇදුම නිසා දහඩිය දමනවා.."

"මා රටේ රජු..මට ඔබේ කැමත්තෙන් පලක් නැහැ..ඔබට නොහැකියි මා ඉදිරියේ මෙලෙස අශීලාචාර අයුරින් හැසිරීමට..."

රජතුමා මූන පුලුටු කරන් එහෙම කිව්වත් මන් මගේ තට්ටු ගානක ඇදුමේ උඩ ඇදුම් ටික ගලවලා විසික් කරලා සුදු ඇදුම පිටින් බිම හාන්සිවුනා..

*ආහ්...මගේ චූටි කකුල් දෙක හරියට රිදෙනවා..*

"මා අශීලාචාර පුද්ගලයෙක් නිසා ඔබට හැකියි මාව මේ රාජ්‍යයෙන් පිටුවහල් කිරීමට.."

"එලෙසම මා හට හැකියි ඔබව වදගෙයි දමන්නට..."

රජතුමා ඒක කිව්ව ගමන් මට මතක් උනේ චන්ගුමී එකේ පුටුවක ඉන්දලා කකුල් දෙක ගැට ගහලා අර පොලු දෙක්කින් කකුල් ඈත් කල එක..

ආ අර මහත පිත්තකින් ගහන එකත් මට මතක් උනා..

ඉතින් ගැලෙව්වට වඩා වේගයකින් ඇදුම ඇදගත්ත මන් රජු දිහා කේන්ති ගිය ඇස් දෙක්කින් බැලුවා..

"ඇයි ???"

"නපුරු ඔලමොට්ටල බූරු තඩියා.."

"🙄🙄🙄🙄"

"මොට්ට රජා..මන් වගේ අහිංසකයෙක්ට මෙහෙම වද දෙන්න ලැජ්ජ නැද්ද..."

"ඔබ මට බනිනවද ස්තූති කරනවද 🙄"

"මොකටද අහන්නේ.."

එයාට මන් කියන දේවල් නොතේරෙන නිසා මන් එයාට හිතේ හැටියට බනින්න ගත්තා..

"ඔබට වෙහෙස නැතිද..මාගේ කන් වලට අපහසුයි ඔබේ කිංකිනි නාදේ අසා සිට..😒"

හප්පා දැන්නම් මටත් අමාරුයි...

රජාට මුකුත්ම කිව්වේ නැති මන් එයාගේ කොට්ටයක් ඇදලා අරන් බිම පෙරලුනා..
-----------------------------------------------------------

That is my lifeWhere stories live. Discover now