Chapter 19

72 28 37
                                    

කලකම් පලදෙනවා කියලා අහලා තිබුනත් මෙහෙම පලදේවී කියලා මන් කීයටවත් හිතුවේ 😂

සකුරාදේශයේ රජ පැටියා පව් දෙයියනේ..

මන් හිතුවේ අපි දෙන්නා හොද යාලුවෝ කියලා.ඒත් එයා මට කලින් දවස් ටිකේම තනියම ගෝයෝන් නගරෙට ගියා කියලා මට පලු යන්න බැන්නා..

කොටින්ම කිව්වොත් එයා මාව එයාගේ විවාහයේ වැඩවලට එලියට යවන එකත් නැවත්තුවා..

මහ නපුරෙක්..අර නපුරු බිලාලයා එක්ක පැටලෙන්න ගිහින් මගේ අත පොඩ්ඩක් තුවාල උනා විතරනේ..ඒකට ඔහොම කෑගහන්න ඕනිද..

එයා කියන්නේ මට තුවාල උන එක එයාට ප්‍රශ්නයක් නෙමේලු ඒත් මන් බබෙක් වගේ කෑගහලා අඩන එක එයාට ප්‍රශ්නයක්ලු..

අනික අතට බෙහෙත් දාද්දි මන් එයාගේ සූටි අත හව් ගාලා හපපු එක එයාට රිදුනලු..

මන් මේ කියන්නේ එදා මන් අන්තිමටම බිලාල ඇස් අයිතිකාරයාව හොයන් ගෝයෝන්වලින් පිට ගිය දවසේ මට උන අනතුර ගැනයි..

ගෝයෝන්වලින් පිටදියි මට ඔය අනතුර උනේ කිව්වොත් මෙයා මට මොනා කියාවිද කියලා දන්නැති නිසා මන් එයාට බොරු කිව්වා.

කොහොමහරි ඒකෙනුත් උනේ මට බැනුම් අහන්න උන එක..

ඒත් මන් එයාට කියන්නේ එයා රටේ රජු උන පලියට මට එහෙම බයින්න බෑ..හුම්..

මන් ජන්කුක්ව එයාට තීන අනතුරෙනුත් බේරලා කිම් වංශාධිපතිගෙන් ජිමින්ට තීන අනතුරත් වලක්වලා ආයේ මගේ ලෝකෙට යන්න ඕනී..

ඒක ඉතින් මට මේ මාලිගේ ඇතුලට වෙලා කරන්න බෑනේ..ඒක මේ මෝඩ තාරාවට තේරෙන්නේ නෑනේ...

කෝමහරි කමක්නෑ මෙයා මට මුල් ටිකේ දීපු වදවලට මෙයාට දැන් දඩුවම් ලැබිලා තීන්නේ..

අද උදේ නැගිට්ට වෙලේ ඉදන් මේ දැන් වෙනකන් කිසිම කෑමක් බීමක් ගත්තු නැති ජිමිනි කුටියේ ඒ මේ අත කැරකෙන ගමන් අද රෑට මොකද කරන්නේ කියලා හිතනවා.

තව පුන්චි වෙලාවකින් අගමෙහෙසිය කරගන්න සකුරාදේශයේ සකුරා මලගේ කුටියට යන්න බෑ කියලා නහයෙන් අඩන එයා දිහා හිනාවෙවි බලන ගමන් මන් එයාගේ කෑම වලට වැඩේ දුන්නා.

That is my lifeWhere stories live. Discover now