Chapter 08

220 97 27
                                    


මේක තමයි ජිමින්ගේ ජීවිතේ නරකම මාසේ. පටන් ගත්ත විදිහට සාපේක්ෂව මේ මාසේ වෙන දේවල් දැන් අංශක 180° ක් කනපිට හැරිලා.

එයාගේ ජීවිතේ ඒ ලස්සනම දවස , ට්‍රේන් එකේ ඉන්න එයාගේ ක්‍රශ් එක එයා එක්ක කතා කළා. එතකොට එයා මොකද කළේ ? එයා ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. ජීවිත කාලේම බලාගෙන හිටපු දෙයක් අතටම ලැබුණම ඒ අවස්ථාව නාස්ති කරගන්න එක ගැන ජිමින්ට තියෙන්නේ හොඳ හැකියාවක්.

එයා දිහා බලලා ඒ ආගන්තුක තරුණයා හිනා වුණ විදිහ ඔළුවට එද්දි ජිමින්ට හිතෙනවා ඒ තරුණයාටත් එයා එක්ක කතා කරන්න වුවමනාවක් තියෙන්න ඇති කියලා. එයාගේ අඳුරු පාට ඇස් ඒ වෙලාවේ අමුතු එළියකින් දිලිසුනේ හරියට නිකන් එයාට ජිමින්ගේ හිතේ තියෙන දේවල් තේරෙනවා වගේ.

හැබැයි මෙහෙමයි , ජිමින් කොච්චර වතාවක් ඒ කළු කොණ්ඩයක් තියෙන ආගන්තුකයා දිහා බලාගෙන හිටියා ද කිව්වොත් එයා දැනගන්න ඕනේ තමයි ජිමින්ගේ හිතේ තියෙන දේවල්.

ට්‍රේන් එකෙන් බැහැලා ගෙදර ඇවිත් එදා රෑ ජිමින් නින්දට ගියේ අහස උසට බලාපොරොත්තු ගොඩ ගහගෙන මීට වඩා ලස්සන ප්‍රේමාන්විත අනාගතයක් ගැන. ඒත් එදයින් පස්සේ කවදාවත් ඒ තරුණයා ස්ටේෂන් එකට ආවේ නෑ. ආයෙත් කවදාවත් ඒ ට්‍රේන් එකේ ගියේ නෑ.

ජිමින්ට බලාපොරොත්තු කඩ කරගෙන සති දෙකක් ගෙවන්න වුණා ආයෙත් කවදාවත් ට්‍රේන් එකේ යන එක එච්චර සුන්දර අත්දැකීමක් වෙන එකක් නෑ කියලා තේරුම් ගන්න.

ඉතින් එයා ඒක හිතෙන් අත ඇරලා දැම්මා. ඊටපස්සේ එයා වෙනදට එයාගේ සුපුරුදු ප්‍රවාහන මාධ්‍යයම තෝරගත්තා. ඒ කියන්නේ එයා දැන් ගෙදර යන්නේ බස් එකේ.

සමහරවිට ඒ තරුණයා ආයෙත් ස්ටේෂන් එකට එන්නත් ඇති , ඒත් ජිමින් ඒක ගැන දන්නේ නෑ.

ඒක ගැන එයා කවදාවත් දැනගන්න එකක් නෑ , ජිමින් හිතන් හිටියෙ එහෙම.

                                      ***

On Your Train | Jikook ✓Where stories live. Discover now