😳1😳

81 17 45
                                    

Marinette pov


🦊වාව් මේරි... බලන්නකෝ ඔයාගේ වෙඩින් ඩ්‍රෙස් එක... කොයි තරම් ලස්සනද... මට නම් ඉරිසියයිත් එක්ක...

                   ආල්යා කියාගෙන ගියා... අද තමයි මගේ වෙඩින් එක... මගේ හොදම යාලුවා අදත් මගේ ලගටම වෙලා මගෙත් එක්ක ඉන්නවා... ඔයා විතරයි අල්යා මට විශ්වාස කරන්න පුලුවන් එකම කෙනා... මොන දේ උනත් ඔයා මාව දාලා යන්නේ නෑ කියලා මන් දන්නවා...

      මම අවුරැදු ගානක් හීන මැව්වේ ඒඩ්‍රියන් එක්ක විවාහ වෙන්නයි... ඒත් අද එතන ඉන්නේ ලූකා... මට ලොකූ වරදකාරී හැගීමක් දැනෙනවා... මම ලූකට ලොකු ද්‍රෝහිකමක් කරලයි තියෙන්නේ... මන් කොහොමද ඒ ගැන එයාට කියන්නේ... මට සමාවෙන්න ලූකා... එක පාරම... ඇයි මේ... මගේ ඔලුව කැරකෙනවා...

🐞ආල්යා... මගේ... මගේ ඔලුව කැරකෙනවා වගේ... මට... මට කලන්තෙ වගේ...

🦊මොකද උනේ මේරි... මේ දැන් හොදට හිටියනේ...

                    එහෙනම් ඒක සිද්ධ වෙලා... මන් බයෙන් හිටියේ මේදේට තමයි... අනේ මන් දැන් මොනවද කරන්නේ... ආල්යා මාවත් වත්තම් කරගෙන ගිහින් ඇදෙන් වාඩි කෙරෙව්වා... මන්... මන් මේ ගැන ආල්යට කියන්න ඕන...

🐞ආල්යා... හනේ මම... මම...

🦊මොකද උනේ කෙල්ලේ... බය නොකර කියන්නකෝ...

🐞මම මගේ සීමාව පැන්නා අල්යා... මම හිතන්නේ මම... මම... ප්‍රෙග්නට්...

              ආල්යා බය උනා... එයා විනාඩියක් විතර මගේ දිහාම බලන් හිටියා... කිසිම දෙයක් කිව්වේ නෑ... මගේ ඇස් වලින් එක දිගට කදුලු ගලනවා...

🐞 අනේ ආල්යා... කතා නොකර ඉන්න එපා... මට බයයි...

                මම කිව්වත් ආල්යා කාමරෙන් එලියට ගියා... මට දැන් කරන්න දෙයක් නෑ... ආල්යා ගිහින් මේ ගැන ලූකට කියයි... මන් කොහොමද ලූකට මූණ දෙන්නේ... අනේ මට බෑ දෙයියනේ... මන් මොනවද කරන්නේ... ඔව් හරි... මන් දන්නවා කරන්න ඕන දේ... මම... මම මැරෙනවා... එතකොට කිසිම දෙයක් වෙන එකක් නෑ... ලූකත් එයාගේ ජීවිතේ අලුතින් පටන් ගනීවි... ඔව්... මම මැරෙනවා...

            මම එහෙම හිතාගෙන පැනඩෝල් බෝතලෙන් පෙති හත අටක් අතට ගත්තා... ඒක කටට දාගන්න යද්දිම ආල්යා ආයෙ ආවා... ඒ නිසා මම පෙති ටික ඇද යටට වීසිකලා...

I am sorry💖 [Complete]✅Where stories live. Discover now