පළමු කොටස

36 3 0
                                    

" ගිනි මැලයක්, රැයක් එක්ක... ඔයා..  හරිම  උණුසුම් දවසක්..." මං කීවේ ඔහුට තවත් සමීප වෙමිනි.

" ගිනි මැලයක් නැතත් ඕනේම කපල් එකක රැය හරි උණුසුම් තමයි..... "ඔහු බොහෝම ස/රා/ගී දෑසින් ඈව සිය ළයට කර ගත්තේ ය.

"ඇයි ඔයා මං වගේ කෙනෙක්ව බැන්දේ... " මේ මට ගොඩ කාලයක් තිස්සේ තිබූ ප්‍රශ්නයකි.

"ඇයි මොකක්ද ඔයා.......? "

" නෑ.. මං කිව්වේ ඔයා කැම්පස් ගිහින් ඊටත් පස්සේ පි.එච්.ඩි එකක් කරලා ලොකු රස්සාවක් කරන කෙනෙක් ඒත් මං උසස් පෙළ කරලා විතරයි.. ඇයි ඉගෙන ගත්ත ලේඩි කෙනෙක් පාට්නර් කර ගත්තේ නැත්තේ...'' බැනුමක් ඇසීමට සුදානමින් වුවද මා කියා දැම්මෙමි. 

"හ්ම්... ඉගෙනගත්තු ගෑනු නම් ඕනෙ තරම් හිටියා මගේ වටේ.. හැබැයි උන් ගොඩක් අය ආත්මාර්ථකාමී ඈයෝ... මගේ ජිවිතේ ගැන ඔයා නොදන්නවා නෙවෙයිනේ... එක ඉගෙනගත්තු ගෑ/නි/යෙ/ක් මගේ ජිවිතේ කෑවා... අහ්හ්... ඒක අතීතේනේ.. දැන් බැදලා අවුරුදු 03කට පස්සේ චූටි දෝණීත් ගෙදර දාලා ඇවිත් ඔයාට අහන්න තියෙන දේවල්ද ඔය.. "  ඔහු විමසුවේ උණුසුම් දෙ/තො/ල් මගේ කන් පෙතිවලගාමිනි.

"නෑ... මං හැමදාම හිතුවා උගත් ගෑනියක් ඔයා වගේ දක්ෂ මනුස්සයෙක්ට ඕනේ කියලා... මොකද ඔයාට ලෝකෙට දෙයක් කරන්න හොඳ අතක් ඕනේ.. උගත් අතක් ඕනේ... " මගේ සුසුම් ඔහුව රිද්දන්ට වූ වග ඒ දෙ/අ/ත් මා වටා ගිය ආවේගයෙන් දැනුණි.

" හහ්හ්හ්... උගත් අතක්.. බම්බුව තමයි.. මේ පණ්ඩිත ගෑ/නි/යේ.. හරි (ආත්මාර්ථකාමී) උගත් අතකින් අල්ලන් ලෝකෙට දේවල් කරා කියමු. මගේ හදවතේ අනාගතේට මොකද වෙන්නේ... මං වගේ තව දාහක් ලෝකෙට දේවල් කරයි.. අනික මං මේ කරන හරිය මදිද... ඔයාගේ සපෝර්ට් එක නිසානේ මේ ඔක්කොම... ඔයා ඔයාගේ කාලේ සම්පූර්ණයෙන්ම වැය කරන්නේ මගේ දරුවට.. අපේ අම්මලා අප්පච්චිලා බලා ගන්න... ඒ අස්සේ මගේ හැමදේම කිසිම අඩුවක් නැතුව කරනවා.. ඉතින් ඔයා තමයි මගේ හදවතේ ගැටේ... "  තද වචන මගේ හදවතටම කියූවකි.

"දන්නවද මං හිතන්නේ මේ අවුරුදු 03ටම මං ඔයාට ආදරෙයි කියලා නෑ.. මං කිව්වේ කවදාවත් කීවේ නෑ.. ඒත් ඔයා මං දැක්ක ඉස්සෙල්ලම දවසේ ඉදන් මේ වෙනකන් හැම මොහොතෙම ආදරෙයි කිව්වා... " මං කීවේ කෝලව උනත් ඔහු ගැන උපන් දයාවෙනි.

චාමික සරවනමුත්තුගේ බිරියගේ දිනපොතWhere stories live. Discover now