දෙවනි කොටස

17 2 0
                                    

"දෞපදී මාතාංගදරා සමුද්‍රදේවි ඉරුගල්බණ්ඩාර"  වන මං කිසිදු දෙයකට දක්ෂ එකියක නොවූ බව ඔබ දන්නේ පෙර සිටය. ඉතිහාසය කියවීමේ කුතුහලයම මිස වෙන කිසිදු හැකියාවක් මට නොතිබුණි. නමුත් ඔහු "චාමික සරවනමුත්තු" කෙටි කලකින් මගේ ජිවිතය උඩුයටිකුරු කළේය.

ඔහු දක්ෂ මිනිසෙක්වී බිරිය මෝඩ ගහක් බව ලෝකයා දැන ගන්නා දා ඔහුට මා එපා වේවියැයි කොතරම් කීවද එයට උස් හඩින් සිනහවී ඔහු කීවේ " මං බදින්නේ මගේ හිතේ ඉන්න ගෑ/නි මිසක් ලෝකෙ මට පාවලා දෙන එ/කි/ නෙවෙයි.. "

ඉතින් විවාහ මංගල්‍යය යන මාතෘකාව තුළ ඔහුට ඕනෑ වුයේ, 

"දේවි... ප්‍රී ෂූට් එකට ඔයා මොනවගේ තැන්ද තෝර ගත්තේ ? .. " ඔහු ඇසූවේ විහිළුවට දැයි මට සිතුණත් ඒ ඇස් දෙකේ විහිළුක් නොතිබුණි.

"හෑ... ප්‍රී ෂූට්?? මේ ඔයාට ප්‍රී ෂූට් එකක් ඕනද? "  ඒ හීන් හඩ මගේ හඩදැයි මටද නොතේරුණි.

"ඇයි.. ඉතින් ඔය පැකේජ් එකේ තියෙන්නේ ?" ෆෝන් එකට මුහුණ ඔබා ගෙන ඔහු දුන් ඒ පිළිතුර මට හිතට මදිය. 

"අනේ... මට රගපාන්න බෑ අනේ... " මගේ කෙදිරි ගෑමට ඒ මුවේ දත් වි‍රිත්තා සිනහවක් සටහන් විය.

" දැන් බෑ..බෑ ගාන්නේ... අන්න අම්මිත් (වෙන්ඩ නැන්දම්මා ) මොකද්ද තැනක් බලලා ෂූට් එකටම කියාපු තැනක් කිය කිය ඉන්නේ... " ඔහු කීවේ කතාව තවත් සනාථ කරමිනි.

ඔහුගේ අම්මි බොහෝම නිදහසේ සිතන්නියකි. ඇය මා දුටු විට කීවේ, "මගේ කොල්ලගේ බමුණු ජිවිතේ බින්දා කියන්නේ දූ..... කඩවිලේ ( දෙවියනේ....! ) " කියමින් මාව ළංකර හිස සිඹිමිනි.
ඉතින් , ඈ නම් මං අකමැති වුවහොත් දූ කැමති විදියක් කරන්න යැයී කීයා කියන බව දන්නා මා ඒ පිළිබඳ කලබල නොවුණි.

"ර්...ර්... මේ මගුල වෙන්න ඕනද ඔයාට? "  ඇග තුළ සිටි සිංහ ධේනුව කාන්තා අයිතීන් වෙනුවෙන් නැගී සිටියේ එසේ ය.

"අහ්... ??? " ඔහු කට අයාගෙන මගේ දිහා බලා සිටින අයුරු දකිද්දී සිනහ යන්නට ආවාත් වහා කියමනට අනුවම මුහුණ පවත්වා ගත්තෙමි. ඔහු මගේ ඔය වැඩ කෑලී තාම දන්නේම නැත..

කොහොමත් සන්සුන් වෙන්ඩ මනාලියගේ මේ රූපකාය නම් මගහැරීම නොකළ යුතු බව ඔහුට වැටහෙන්නටද ඇත.

"තාත්තට කියමු නේද එහෙනම් ? අම්මටත් (මගේ අම්මා) ප්‍රී ෂූට් එක බලන්න ආසයි කිව්වා.." ඉතින් ඔහු අන්තිම තුරුම්පුව පාවිච්චි කළේ එසේය. දැන් ඉතින් අවශ්‍ය දේ වෙන තැනට වැඩ කරගන්නේ කෙසේදැයි ඔහු කෙටි කලෙකින්ම ග්‍රහණය කර ගෙන ඇත.

අපේ අම්මලාගෙන් නම් ගැළවීම බොරුය. විවාහය නම් සියලු දෙය අනිවාර්යෙන් කළ යුතු බව අපේ අම්මා  චාමිකට දැමූ පළමු අඩහැරයයි. මං සෙනගක අවසන් කොනේ සැගවී සිටින්නට ප්‍රිය කළ තරමට අපේ අම්මා ඉදිරියෙන්ම සිට කැපී පෙනෙන්නට කැමතිය. ඉතින් ඇයගෙන් නම් කිසිම ගැළවීමක් නැත...

"ඔහ්... " මගේ බෙරිවුණ මූණ දෙස බලා  සිවුරුහන් කර,

"අනේ..පණේ ගාන්නැතුව ලෑස්ති වෙනවා. ට්‍රිප් එකක් වගේ යමු. මටත් රගපාන්න බෑනේ මැණික... ඒ වුණාට වැඩේ ගොඩ දාන්න එපැයි.. " මගේ නෝක්කාඩු මුහුණට සිනහවක් දෙමින් ඔහු කියා දැමුවේ ය.

- චාමික සරවනමුත්තුගේ බිරියගේ දිනපොත-

- චාමික සරවනමුත්තුගේ බිරියගේ දිනපොත-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
චාමික සරවනමුත්තුගේ බිරියගේ දිනපොතWhere stories live. Discover now