"අම්මා මං නාන්න යනවා.." මං සද්දෙන්ම කියාගෙන බාත් රූම් එකට දුවගෙන ගියත් අම්මා ඒ සද්දෙන්ම මට කීව්වේ....
"චූටි ටැංකියේ වතුර ගහන්න අමතක වුණා... රන් කදුරෙන්ම නාගෙන එන්න බබා"....
"අනේන් අම්...මා...." නෝක්කාඩු කියා ගෙන උනත් අද නාන දවස නිසාම මං රන් කදුර කියලා නම් දරපු අපේ ගෙදර ළිඳට ගියා...
මට නාන එකට වඩා තිබ්බේ දිය රෙද්දක් අදින ප්‍රශ්නේ.... කලිසම් කොටයක් ඇදලා ස්කිනි කෑල්ලක් ගහලා නාන්න පුළුවන් වුණත් එහා ගෙදර බලු තඩියා මගේ ඒ නාන ඇඳුමට වග කියලා තිබ්බේ...
අපේ අයියා චාමික අය්යත් එක්ක ටවුන් එකට ගිහින් තිබ්බ නිසා ගෙදර බොහොම නිසන්සලේ තිබ්බේ.... එයාලා ඉන්නකොට ගේ අනිපැත්ත ගහන් නැති එකවිතරයි... එදා එයාට අයියා කියන්න එපා කිව්වත් ඒ නම විතරක් කියන්න හිතට එන කුලෑටිකම මට ඇරගන්නම බෑ... ඒත් චාමික අයියා ලඟ ඉන්දෙද්දි මං එයාට අයියා කිව්වොත් නම් හොරෙන් වටපිට බලලා මගේ බෙල්ලට දෙන තද හාදුව තරම් මොකක්වත් මාව ලැජ්ජාවට පත් කරලා තිබ්බේ නෑ මේ ජිවිත කාලේ... එයා කියන්නේ ඒවාට හුරතල් දඬුවම් කියලා.... මට ඒ නමින් දඬුවම්නම් දවසට සෑහෙන ගාණක් ලැබෙනවා.... හී......
දිය රෙද්දත් පටලවං මං නා ගත්තේ ඔන්න ඕව හිත හිත.... ඉස්සර මං චුටි කාලේ අම්මි ළිඳේ නාලා ඇඳන් ආවේ චීත්තෙකුයි හැට්ටෙකුයි... ඉතින් තාත්තී අම්මිව එහෙම දකින ගානේ...
" මගෙ මැණිකෝ කියලා නළල ඉඹිනවා..."
ඒක නිසාම මමත් තාත්තිගෙ උම්මා එක ගන්න.. චුටි රෙදි හැට්ට ඇඳන් ඇස් පියාගෙන තාත්ති ඉස්සරහ හිටං ඉදලා තියෙනවා... ඒක මතක් වෙලා ලා හිනාවකුත් ගියා මට...
ඉතින් මමත් ඇඳගත්තේ චිත්තයක් එක්ක සුදු කොට හැට්ට කෑල්ලක්... යටිතල පහසුකම් ගෙදර ගිහින් ඇඳ ගන්නවා කියලා රන් කදුරෙන් ගොඩට ආවත් හරි... මාව අහූඋනේ ඒ නොඉවසිලිමත් ඇස් දෙකට...
"ෂ්ස්ස්ස්... මැණිකේ..." චාමික අයියගේ ඒ කටහඬ මං ඇහුවේ එදාම තමයි...
"අ...අය්..යේඒ.. "
"මැණිකේ.... " ඔහුගේ අත් දෙකේ රස්නය මගේ කම්මුල් දෙකට දැනෙන්නටම තද කර අල්ලමින් වහා මගේ බෙල්ල තොල් තිවූ ඔහූ තදින් බෙල්ල උරන්නට විය..
YOU ARE READING
චාමික සරවනමුත්තුගේ බිරියගේ දිනපොත
Romanceවසර ගණනාවක් තිස්සේ දැන හදුනාගත් පෙම්වතුන් නොවූ ඔහුත් මමත් අහම්බෙන් වූවත් ජිවිතේ එක් දිනක් මුණගැසෙයි.. දුරකතරක ගැඹුරු මුහුදට ඇබ්බැහි වූ ඔහුත් මෙලෝ හසරක සිහියක් නැති අකුරුවලට, අලුත් පොත් සුවදට ලොල්වුණු මමත් රන් හුයෙන් බැදෙමින් ඇරඹෙන ඒ සසර ගමන... ඉරණම...