චාමික සරවනමුත්තු මට ආදරය පෑවේ විවාහයෙන් පසුවය. ඔහුටවත් මටවත් ප්‍රේම සල්ලාපයේ යෙදෙන්නට කාලයක් නොතිබුණි. ඒ මා දුටු මතින්ම විවාහ යෝජනාවක් ගෙදරට එවා අම්මාවත් තාත්තාවත් මගේ ලොක්කයියාවත් රවට්ටාගත් නිසා නමුත් මගේ ඒ නෝක්කාඩු කීම ඔහු සිනහවෙන් දරා ගත්තේ ය.
ඔව්, මංගල්‍යයට දින කිහිපයකට කලින් ලංකාවට ආ ඔහු රාජකාරි වැඩත් අතරින් පතර දමා ගෙන තිබුණේ වැළැක්විය නොහැකි නිසාමය.
අපේ ගෙදරදී ඔහුට කොන්ෆරන්ස් කෝල් එකක් ගැනීමට අවශ්‍ය වූ නිසාම ගෙදර පෝටිකෝවේ වෙනම මේසයක් දමා දුන්නේ තාත්තා විසින්ම ය. පෝටිකෝවට විවර වීමට ජනේලයක් ඇති මගේ කාමරයේ සිට මා ඔහුගේ ඉරියව් බලා උන්නේ විස්මයෙනි.."බබා.. බබා..."
මොකක් මේ මනුස්සයා කාටද මේ බබා ගාන්නේ, නොඉවසුම් මම ජනෙල් කූරුවල එල්ලීගෙන බලා අසා උන්නෙමි. එකවර පිටුපස හැරුණු ඔහු මට අත දිගුකර..
"බබා එන්නකෝ..." කීවේ මාව අකුලා දමමිනි.
කර කියා ගන්නට දෙයක් නොමැති වූ මා කකුල් අද්ද අද්දා ඔහු වෙත ගියේ කෝලයෙනි."එන්න වාඩිවෙන්න.. " මගේ අතින් ඇද ඔහූ සමීපයේම පුටුවක වාඩි කරවූ ඔහු,
"මේක බලන්නකෝ ඔයා දන්නෙනෑනේ මං කරන රස්සාව මොකද්ද කියලා.... "
මගේ ඇස් ඉදිරිපිට තීරයේ දිග හැරුණේ ගැඹුරු මුහුදේ පර්‍යේෂණ කටයුතුවල නිරත වෙන ඔහු ඇතුළු පිරිසේ රූපාවලියකි. ඉංග්‍රීසියෙන්ම දිග හැරුණු එහි ඔහුගේ නම අමුතු ආකාරකට වූ උච්චාරණය හැර කිසිත් මට නොතේරුණි.
මා එය බලා හිදිනා කල්ම ඔහුගේ ඇස් කැරකුණේ මගේ මුහුණ දිහාමය. කොටින්ම මා දිගු කර ගන්නට තතනන කෙස් ගස් ටික ඔහු අනවසරයෙන් පිරිමදිමින් සිටියේ ය.
රූපාවලිය ඉවර වෙන බීප් නාදයෙන් පසුවත් ඔහු සිටියේ මගේ හිස පිරිමදිමිනි."අහ්.. මේ... අයියේ... ? "
"අයියා..? ඔයා මටද කීවේ.... ?"
"ඔව්..ව්ව්... එහෙනම් මං මේ.. කොහොමද ඔයාට කතා කරන්නේ?"
"හහ්හ්හ්.. මං ඔයාගේ අයියා නෙවෙයිනේ බබා.. කමක් නෑ.. මට නමක් ඔයාම හිතලා හදාගන්නකෝ.."
YOU ARE READING
චාමික සරවනමුත්තුගේ බිරියගේ දිනපොත
Romanceවසර ගණනාවක් තිස්සේ දැන හදුනාගත් පෙම්වතුන් නොවූ ඔහුත් මමත් අහම්බෙන් වූවත් ජිවිතේ එක් දිනක් මුණගැසෙයි.. දුරකතරක ගැඹුරු මුහුදට ඇබ්බැහි වූ ඔහුත් මෙලෝ හසරක සිහියක් නැති අකුරුවලට, අලුත් පොත් සුවදට ලොල්වුණු මමත් රන් හුයෙන් බැදෙමින් ඇරඹෙන ඒ සසර ගමන... ඉරණම...