𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 19

1.2K 250 22
                                    

ජන්කුක් එයාගෙ apartment එකෙන් එළියට ඇවිත් දොර වහලා එයාගෙ කොණ්ඩෙ හදාගත්තා. ඊට පස්සෙ එයා ටේහ්‍යුන්ගෙ apartment එකේ දොර ඇරගෙන ඇතුළට ගියෙ තනියම හිනා වෙන ගමන්.

ජන්කුක්ට ඇහුණා ලියා kitchen එකේ කෑම හදන සද්දෙ ඒ නිසා ජන්කුක් එයා ආපු බවක් ලියාට අඟවන්නෙ නැතුව කෙළින්ම ටේහ්‍යුන්ගෙ රූම් එකට ගියා.රූම් එකේ ටේහ්‍යුන්ග් පේන්න හිටියෙ නෑ ඒත් වොශ්රූම් එකේ වතුර වැටෙන සද්දෙ ඇහුණා.ජන්කුක් දොර වහලා දාලා ඇඳ උඩට නැඟලා හිනා වෙන ගමන් ටේහ්‍යුන්ග් එළියට එනකල් බලන් හිටියා.

ටිකකින් වොශ්රූම් එකේ දොර ඇරෙනවා දකිද්දි ජන්කුක් ඇඳෙන් බැහැලා දුවලා ගිහින් curtain එක පිටිපස්සෙ හැංගුණා.ටේහ්‍යුන්ග් වොශ්රූම් එකේ ඉඳන් එළියට ආවේ එයාගෙ ඔලුවෙ වතුර ගසන ගමන් ඒත් එයාට දැනුණා එයා ආසම කරන හුරුපුරුදු lavender සුවඳ.කටකොනින් හිනා වුණු ටේහ්‍යුන්ග් රූම් එක වටේම එයාගෙ ඇස් ගෙනියන්න ගත්තා.

"ඕහ්... Hide and seek"

තමන්ටම මුමුණගත්තු ටේහ්‍යුන්ග් හිමීට පාත් වෙලා ඇඳ යට බැලුවා.ඇඳ යට ජන්කුක් හිටපු නැති නිසා ටේහ්‍යුන්ග් එයාගෙ ඔලුව උස්සලා බලද්දි එයා දැක්කා curtain එක හෙළවෙනවා.ටේහ්‍යුන්ග් කටකොනින් හිනා වෙන ගමන්ම එතනට ඇවිදන් ගියා.ටේහ්‍යුන්ග් එයා ළඟට එනවා ජන්කුක්ට පෙනුණෙ නෑ.එකපාරටම ටේහ්‍යුන්ග් එයාව curtain එකත් එක්කම අල්ලගනිද්දි ජන්කුක් හයියෙන් කෑ ගැහුවා.

curtain එක අයින් කරලා ජන්කුක්ව bridal style එකට උස්සගත්තු ටේහ්‍යුන්ග් ජන්කුක්ව ඇඳ උඩින් තිබ්බා.

"ඩැඩී කොහොමද මාව හොයාගත්තෙ?"

ජන්කුක් හිනා වෙවී අහද්දි ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ ඇඟ උඩට ඇවිත් ජන්කුක්ගෙ බෙල්ලට එයාගෙ නහය තිබ්බා.

"ම්හ්... මෙන්න මේ සුවඳින්"

ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ බෙල්ල පුරාම ඉඹින ගමන් කියද්දි ජන්කුක් ටේහ්‍යුන්ග්ව ඈත් කරන්න දැඟලුවා.ටේහ්‍යුන්ගෙ සීතල තොල් නහය එයාගෙ බෙල්ලෙ වදිනකොට ජන්කුක්ට කිතියක් දැනුණා.

"ආහ්..... ඩැඩී මට කිති"

ජන්කුක් කියද්දි ටේහ්‍යුන්ග් එයාගෙ ගැඹුරු හඬින් හිනා වෙන්න ගත්තා.ටේහ්‍යුන්ග් ඇඳෙන් නැඟිටලා බාගෙට ගැලවිලා තියෙන රොබ් එක හදාගත්තා.ටේහ්‍යුන්ග් closet එක දිහාවට ඇවිදන් යද්දි ජන්කුක් ඇඳේ මුණින් අතට නිදාගෙන ටේහ්‍යුන්ගෙ කොට්ටෙ එයාගෙ මූණ ඔබාගත්තා.

𝙁𝘼𝙇𝙇𝙄𝙉𝙂  𝙁𝙊𝙍  𝙔𝙊𝙐 (𝙏𝙆)Where stories live. Discover now