chapter 11

905 137 10
                                    

අද උදේ ඉදලා අයියා හරි අමුතුයි... එක්කෝ එයාට මොකක් හරි ප්‍රශ්නයක්... නැත්තම් ඉතිම් ඔහොම හැමතිස්සෙම කල්පනා කර කර ඉන්නේ නෑනේ... මට ඉතිම් ඕවා කියන්නෙත් නෑනේ... ඔක්කොමත් හරි පොඩ්ඩක් ඇත්තම් කේන්ති අරන් බෙරිහන් දෙනවා... ම්හුක්... ඕකනේ කොරන්න බෑ නේ... බෑනේ....

උදේ ඉදාම් වෙනස් වෙලා තියෙන අයියගේ හැසිරීම ගැන හිත හිත මං කැම්පස් එක ඇතුලට ආවේ තනිකරම මනෝ පාරක් ගහන් බිම බලන් වෙද්දී මගේ ඉස්සරහට ආව අභිෂේක්ව මට පෙවුන් නෑ... අභිෂේක් ගේ ඇගේ වදින්න ඕන්න මෙන්න තියෙද්දී මාව පැත්තකට ඇදිලා ගියේ එතකොටම එතෙන්ට ආපු යොහාන් මාව ඇදල ගත්ත නිසා...

අහ්.... රිදුනා යකෝ...

යොහාන් ඇදපු අතත් අතගගා මං කෑ ගැහුවේ ඇත්තටම ඒ ඇදපු පාර මට රිදුන නිසා.... යොහාන් දිහා බලලා අනිත්‍ පැත්තට හැරෙනකොට මං දැක්කේ යෝහාන්ව මරන්න වගේ බැල්මක් එක්ක රවාගෙන ඉන්න අභිෂේක් අයියව..

ඔහොම අතින් ඇද්දම රිදෙනවා කියලා තමුසෙට තේරෙන් නැද්ද... කෝ පෙන්නන්න ඩියෝ බබා... ඔයාට රිදුනද.. තුවාලද...

යොහාන්ට කෑ ගහපු අභිෂේක් ඊලග තප්පෙරේ වෙනස්ම මුණක් එක්ක මගේ දිහාට හැරිලා මගේ අතින් අල්ලගන්න හැදුවා... ඒත් ඊට කලින් මං අත අරගෙන අඩියක් පිටිපස්සට උනේ මාව පිරිමියෙක් අල්ලනවා නම් ඒ මගේ මහත්තයා කෙවින් විතරක් වෙන්න ඕනි නිසා.මං පිටිපස්සට උනාම ඒ මුණ අමුතු උනා... ම්ම්.. තරහක්... කේන්තියක්‌ නැත්තම් දුකක්... අනේ මන්ද... කොහොම උනත් අභිෂේක් කලගුනේ වගේ ඉක්මනට වෙනස් වෙනවා.... අනික මං මේ යකත් එක්ක කතා කරනවා  කියලා කෙවින් දැනගත්තොත් ගුටිකාලා මැරෙන්න වෙන්නේ.. ආදරේ උනාට ඉවසන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයිනේ එයත්...

අහ්... මේ මුකුත් උන්නෑ අභිෂේක් අයියේ... දැන් මං යන්න ඕනි... යොහාන් අපි යමු...

මං යන්න හැරුණත් අයෙත් නතරවෙන්න උනේ අභිෂේක් කියපු කතාවත් එක්ක...

අභිෂේක්... දැන් මං ඔයාගේ අභි අයියා නෙවෙයි මගේ පැටියෝ...

අහ්... මං ඔයාට කියලා තියෙනවා අයියේ මට ඔය විකාර නම් වලින් කතා කරන්න එපා කියලා... මං කොහොමද ඔයාගේ පැටියෙක් වෙන්නේ... අනික ඔයා කවද්ද මගේ උනේ ... අනේ මේ එදත් මං කිව්ව ඒවා තෙරුන් නැද්ද... නැත්තම් මට පුළුවන් ආයේ තේරුම් කරවන්න... ඔයා මට කැමති උනාට මට කරන්න දෙයක් නෑ.. මොකද මං ඔයාට කිව්වේ නෑනේ මට කැමති වෙන්න කියලා... අනික මට කසාද බදින්න මනුස්සයෙක් ඉන්නවා... එයා මට ගොඩක් ආදරෙයි... මාත් එයාට ගොඩක් ආදරෙයි... එනිසා කරුණාකරලා දැන්වත් වදයක් වෙන එක නවත්තන්න... යොහාන් වරෙන් යන්න...

Devil lover ( Completed  Story )Where stories live. Discover now