උදේ ඔෆිස් එකට ආවත් රෑ දැකපු හීනෙ මගේ මනස පුරාම හොල්මන් කරා. ඔෆිස් එකේ යන්න කලින් සෙට්ල් කරන්න ඉතුරුවෙලා තිබ්බ ෆයිල් එකක් බලන්න ගන්න හදනකොටම මගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගද්දි මං හිතුවේ ඒ එයා කියලා... ඒත් ඒ කතා කරේ තේනුවර අංකල්...
හෙලෝ අංකල්...
කෙවින් පුතා ඔයා කොහෙද ඉන්නේ...
මං ඔෆිස් එකේ අංකල්... ඇයි කලබලෙන් වගේ...
පුතා ලොකු ප්‍රශ්නයක්...
ප්‍රශ්න... යක්... ඒ .. ම්.. මොකද්ද අංකල්...
පුතා... ඩියෝන්ව...
ඩියෝන්ට මොකද... මොකද්ද උනේ...
කිඩ්නැප් කරලා...
මෝ.. මොකක්...
ම්ම්ම්... පුතා දැන්ම අපේ කට්ටියත් එක්කම ගෙදරට එන්න... මාත් එනවා.. අනික මේ වෙලාවේ පුතා කඩන් වැටෙන්න එපා.. ඩියෝන් වෙනුවෙන් ශක්තිමත් වෙන්න... ඉක්මනට එන්නකෝ....
අංකල් කියපු දේත් එක්ක මගේ වටේ තිබ්බ හැමදේම එක තැනක නතර උනා වගේ මට දැනුනා... එයාව කිඩ්නැප් කරලලු.. ඒත්.. කොහොමද... සී අයි ඩී එකත් ඉද්දි කොහොමද එහෙම උනේ... එහෙම වෙන්න බෑනේ...මං කකුලුත් පැටලි පැටලි ඉස්සරහට හම්බුන හැමෝම පෙරලන් දුවගෙන එලියට ආවා... ඇස් වලින් කදුළු බේරී බේරී දුවන මගේ දිහා මිනිස්සු බලන් හිටියේ පිස්සෙක් දිහා බලනවා වගේ... ඔව්.. ඇත්ත.. මට පිස්සු හැදෙන්න වගේ... මගේ මැණික දැන් ඉන්නේ අභිෂේක් ගාව කියලා හිතෙනකොට මට පිස්සු වගේ.... මං මගේ වාහනේ ගාවට එනකොටත් සී අයි ඩී ඔෆිසර්ස්ලා එයාගෙ වාහනේ දොරත් ඇරන් මං එනකම් බලන් හිටියා... හිතේ තිබ්බ කෙන්තියටත් එක්ක මං වාහනේට නැගපු ගමන් ඔෆිසර් කෙනෙක්ගේ කොලර් එකෙන් අල්ලන් කෑ ගැහුවා...
මගේ කොල්ලව අර බල්ලා උස්සන් යනකම් උබලා මොනවද කරේ.... තොපේ උන්ට මගේ පොඩි එකාව හරියට බලාගන්න බැරි උනාද යකෝ... අර පොන්නයා මගේ කොල්ලට මොනවා හරි කරොත් තොපි වග කියනවද... කතා කරපන්...
මිස්ටර් කෙවින්.. මුලින්ම ඔය සන්සුන් වෙන්න...
සන්සුන් වෙන්න... උබ කියන්නේ මගේ කොල්ලා නැතිවෙලා ඉන්න වෙලාවේ මට සන්සුන් වෙන්න කියලද...