chapter 13

886 141 38
                                    

ගේට්ටුවෙන් ටෙහාන් එලියට එනකොටම ඇම්බැට්ට පැටියා සීට් එකෙන් බිමට පැනලා කෙලින් හිටන් අහිංසක විදිහට බිම බලා ගත්තා.

ආ... ඩියෝන්... මොකෝ මෙතන ලෙක්චර් එකක් නෑ...

ති තියෙනවා ප්‍රොෆෙසර්.. මේ අයියා එක්ක ඩීන්ව හම්බෙන්න යන්න ඉන්නේ...

ඒ මොකෝ...

මේ... මං කසාද බදිනවා නේ ප්‍රොෆෙසර්... මේ අයියව තමයි මං බදින්නේ... බදාදා අපි මේ රටින් යනවා නේ... එනිසා ඩීන්ව දැනුවත් කරන්න ඕනිනේ....

අහ්... එහෙමද... ඔය අයියා මගෙත් හොද යාලුවෙක් තමයි...අනික ඉතින් මටත් කසාදෙට ඉන්විටේෂන් හම්බුනා....

අහ්..

අම්මෝ මේ පොඩි නසරානියා... මූ ටෙහානයා ආපු ගමන් ලෝකේ ඉන්න අහිංසකම එකා උනා.ඔලුව උස්සලා බලන්නැතුව බිම බලාගෙනම හෙනම අහිංසක තාලෙට උත්තර දෙන පොඩි එකා දිහා මං බලන් හිටියේ කට කොනේ ඇතිවෙච්ච හිනාවකුත් එක්ක. ටෙහාන් එක්කත් කතා කරලා ඩීන් වත් හම්බෙලා මං පුළුවන් තරම් ඉක්මනට ඩියෝන්ව අරන් කැම්පස් එකෙන් එලියට ආවේ කැම්පස් එක ඇතුලට ගිය වෙලාවේ ඉදලා අපේ පස්සෙන් එන අභිෂේක් ගේ ඇස් වලින් බේරිලා... කැම්පස් එකෙන් එලියට එනකොට එයාගෙ හොදම යාලුවෙක් උණු යොහාන්ව හම්බෙලා අපි රටින් යන එක ගැන එයා යොහාන් එක්ක කියලා ගෙදර එන්න පිටත් උනා.

එයාට අරන් යන්න ඕනි කියපු බඩු ටිකකුත් අරන් ගෙදර එනකොට රෑ වෙලා තිබ්බ නිසා රෑට කෑමත් කඩේකින්ම අරන් අපි ගෙදරට ආවා. රෑට කාලා නාගෙන ඉවර වෙලා මං ඇදට එනකොට පුංචි ශෝටකට ලොකු ටී ෂර්ට් එකක් ඇදන් උන්නු එයා ඇදේ ඇලවෙලා තනියම හිනාවෙවී ලොකු කල්පනාවක හිරවෙලා හියා. එයාට එහායින් මං ගිහින් ඇදේ දිගාවුනාම රෝල් වෙලා මගේ පපුව අස්සට ඇවිත් පපුවෙ තියෙන මවිල් ගස් එක්ක සෙල්ලන් කරන එයා දිහා ටික වෙලාවක් බලන් හිටපු මං හිමිහිට ඒ නළලින් හාදුවක් තිබ්බේ ඒ ඇස් පියවෙලා යනකොට.

මගේ මහත්තයෝ....

ම්ම්ම්...

එයා මගේ මහත්තයෝ කියනවා.. ඒ වචනේ එයාගෙ කටින් ඇහෙන වාරයක් වාරයක් ගානේ දැනෙන ආදරෙන් මගේ පපුවම බරවෙලා යනවා.

Devil lover ( Completed  Story )Where stories live. Discover now