𝐏𝐀𝐑𝐓 31.

393 88 32
                                    

***

ජන්කුක්ගෙයි ජිමින්ගෙයි පොරොන්දුව(පොඩි මතක් කිරීමක්.)

ජිමින් ආබාධිතයි. ඒ නිසා එයාට අසනීප ගොඩක් තියෙනවා ඊට අමතරව. සාංකාව, හුස්ම ගැනීමෙ අපහසුතා, පැනික් ඇටෑක්, තමාව පාලනය කරගැනිමට නොහැකි වීම වගේ නොයෙකුත් මානසික ආබාධත් එයාට තියෙන්නෙ අනතුරකින් ඇති වුන ඒ ආබාධිත තත්වය නිසා. ඉතින් ජිමින් එයා ගැනම අවතක්සේරුවට ලක්කරගෙන වගේම කලකිරිලා ඉන්නෙ. ඒ අතින් ජන්කුක් ජිමින්ව දාලා යන්න තියා ජිමින් ලගින් හෙල්ලෙන්නෙවත් නැතුව ජිමින්ට දරාගන්න බැරි තරම් ආදරේ දෙන එක හැමවෙලේම ජිමින්ව පුලුවන් තරම් සංවේදි කළා. එයා ජන්කුක් කරනවටත් වඩා ජන්කුක්ට ආදරෙයි වගේම ජන්කුක් නැතුව ඉන්න විදිහක් ගැන කවදාවත් හිතල නොතිබ්බත් ජිමින්ට හැම මොහොතකම වගේ ඕන වුනේ තමන් වගේ ආබාධිත, කිසිම දෙයක් කරගන්න බැරි, කිසිම වටිනාකමක් නැති කෙනෙක්ට ආදරේ කරන ජන්කුක්ව එයාගෙන් ඈත් කරල ජන්කුක්ගෙ ජීවිතේ එයා නැතුව හුගක් සතුටින් පුරවන්න. ඒකමයි ජිමින් හැමවෙලාවකම ජන්කුක්ට නපුරු වුනෙත්.

ඒත් හැමදාම වගේ ජන්කුක්ට ඕන වුනේ එයාගෙ ජිමින්ට විතරක් ආදරේ දෙන්න. ජිමින් යම් කිසි බරපතල තත්වෙක හිටියත් එයා ළගින්ම ඉදලා ශක්තියක් වෙන්න. ඒත් ජිමින් කවදාවත් ඒක තේරුම් ගත්තෙ නෑ. ඔලුවෙන් හිටන් නෙමේ පොළොවෙ හැපි හැපි අඩා වැලපිලා කිව්වත් ජිමින්ගෙ මොට්ට මොලේ එයා විසින්ම හදාගත්ත විකාර වලින් වැහිලා ගිහින්. ඉතින් ජන්කුක් ඒකට පිලියමක් යොදන්න කල්පනා කළා. ඒක එක්තරා ආකායක ඩීල් එකක්.

ජන්කුක් එක්කලා එක දවසකට ආදරෙන් එයාගෙ ආදරවන්තය වගේ ඉන්න ජිමින් කැමති වුනොත් ජන්කුක් සදහටම ජිමින්ව අතාරිනවා කිව්වා. ඉතින් එයාලගෙ ගනුදෙනුව ඉවර වුනා. ජිමින් පොරොන්දුව ඉශ්ඨ කළා. ඒ වගේම එයා පරණ විදිහට ජන්කුක්ට නපුරුකම් කරන්න ලෑස්තියි. ඒත් ජන්කුක් තවම එයාගෙ පොරොන්දුව ඉශ්ට කළේ නෑ.

ජන්කුක් වෙනස් වුනොත් ජිමින්ට ඒක දරාගන්න පුලුවන් වෙයිද?

ඕක තමා ඒක. තේරුන්නෑද?

------------------------












හවස් යාමෙ වෙනකොට ජන්කුක් ජිමින් දෙන්නම ගෙදර ඇවිල්ලා බඩු ඔක්කොම අස් කරලා ටිකක් ඇදෙන් හාන්සි වුනා විතරයි මහ හයියෙන් වැස්සක් පටන් ගත්තා. එයාලගෙ ඩීල් එක ඉවර වුනත් හරි ජිමින් තවම ජන්කුක්ට නපුරු කම් කරන්න පටන් අරන් තිබුණෙ නෑ. ඉතින් ජන්කුක් පුලුවන් තරම් ආදරෙන් ජිමින්ට සැලකුවා. එයා මහන්සි නොබලා ජිමින් කැමතිම කෑම හදලා, දෙන්නම දවල් කෑම ගනිද්දිත් ජිමින් හිටියෙ ජන්කුක්ගෙ ඔඩොක්කුවෙ.

Bad & Rude | JikookWhere stories live. Discover now