ජිමින් ගැස්සුනේ පීරිසියකුයි කෝප්පෙකුයි එකට වැදිලා සිලි සිලි ගාන සද්දෙට. එයාට යන්තම් පෙනුනා ජන්කුක් ලස්සන ඇදුමක් ඇදගෙන ඇවිල්ලා දඩාස් ගාලා එයාගෙ කිරි කෝප්පෙ මේසෙ උඩට අතෑරිනවා. ඒ සද්දෙට නම් ජිමින්ගෙ භාගෙට පියවුනු ඇස් හොඳටම ඇරුනා." ජන්කුක් මොකද තමුසෙට වෙලා තියෙන්නෙ?!" ජිමින් කෑගැහුවෙ ජන්කුක් එයා දිහා තත්පරේකටවත් බැලුව නැති තරහට වගේම ආයෙම සුපුරුදු කේන්තිය ආරූඪ කරගන්න ගමන්.
" ඇයි?" ජන්කුක් කිසිම හැගීමක් නොපෙන්වා අඩුම තරමෙ එයා දිහා බලන්නෙවත් නැතුව අහද්දි ජිමින් නිරුත්තරව බලන් හිටියා. ජිමින් මොනවත් කිව්වෙ නැති නිසා ජන්කුක් එතනින් යන්න ගියහම ජිමින් පුදුම වුවමනාවෙන් ජන්කුක්ගෙ ඇදුම දිහා බලන් හිටියා.
ජන්කුක් හිටියෙ ජෙල් ගාල කොණ්ඩෙ පිටිපස්සට කරලා පීරලා අතට එක එක ජාතියෙ දම්වැල් ගොඩක් එල්ලන්. සුදු පාටම එහෙන් මෙහෙන් පටි එල්ලෙන මොකක්ද එකක් ඇදගෙන, මාරම හොට් පාටට.( මේ වගේ එකක් )
ජිමින් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා බලන් හිටියත් එයා අනික් පැත්ත හැරිලා අයෙ නිදාගත්තා. ඒ වුනත් එයාට වෙනදා වගේ නින්ද ගියෙ නෑ. ජන්කුක් කොයි වෙලේක හරි එයාව වොශ් දම්මවන්න එයිනෙ කියල හිතන් එයා ජන්කුක් එනකම් බලන් හිටියා. එහෙම්මම ජිමින්ට නින්ද ගිහිල්ලා ආයෙම ඇහැරලා බලද්දි වෙලාව එකොළහට ළගයි. ජිමින් කෙදිරි ගාන ගමන් පොරෝනාව පැත්තකට කරලා ඇද උඩ ඉදගත්තා. ජන්කුක් ගස්සගෙන ඇවිල්ලා ගෙනත් තියල තිබ්බ ජිමින්ගෙ කිරි කෝප්පෙ කට වටේ රත්තරන් පාට චූටි කූඹි පැටව් වගයක් පාටියක් දානවා. ජිමින් එයාගෙ අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා.