61වන කොටස.....

5.3K 1K 177
                                    

මිස්ටර් සමරවීර......

මෙන්න මේ ටික බලලා මට ආපහු හරිගස්සවලා දෙන්න..මේකෙ එක වැඩක් හරියට කරන එකෙක් හොයා ගන්න නෑ....

මම් බලන් උන්නා...ආයම ෆයිල් එකක්...ඒ අස්සෙන් මගෙ ඔලුව පුපුරන්න වගේ......මේ මිනිහා කොයි වෙලෙත් නහර පුම්බන් කෑ ගහනවා...දැන් තමයි හිතෙනෙන් මේඔක්කොම.දමලා ගහලා යන්ඩ...

ඒත් කොහෙ යන්ඩද.....අස් උනා කියලා මම අස්වෙනවත් එක්කම මට රස්සාවල් දෙන්ඩ මිනිස්සු ඉන්නවද නෑනෙ.....එහෙන් අම්මා...අනිත් පැත්තෙන් රස්සාව.....අනිත් පැත්තෙන් ..අප්පච්චි ගෙ අම්මා....

අවංකවම දැන් මට කේන්තියි......වරම නොගත්තොත් හැම හීනෙකදිම උන්ද  මාව මරන්න හදනවා.........

ගත්තමත් විදවන්න වෙනවා...නොගත්තමත් විදවන්න වෙනවා.......

ගෑස් අමාරුවට බඩ දගලනකොට මම ආයම ෆයිල් එක අරන් එන්න ආවා......ආපිට ගෙදර යනවා කියන්නෙ....??

අනේ දෙයියනේ.....

කොලඹ ගෙදර නවතින්න පුලුවන් ඒත් අග්නි....පුංචි එකා...අම්ම...........මේ හැම දේම එක්ක මම කොහොමද මෙහෙ නවතින්නෙ....

කරදර එන්න ගියහම එන්නෙ නිකන් නෙවෙ......සුනාමි වගේ..........

අග්නී......

කැබින් එකට අව මම අත් දෙකෙම්ම ඔලුව බදාගන අග්නී කියලා මිමිනුවා.....වෙන.උන්ට වගේ.අග්නි ඔයා කෑවද...මොකද කරන්නෙ අහන්නවත්.....

වෙන උන්ට වගේ මැනිකෙ උඹ කෑවද...මහන්සිද කියලා එයාගෙන් මට වත් අහන්න විදිහක් තිබුන් නෑ......

එයාට එන්නත් බෑ...එන්න් පුලුවන් කම තිබ්බත් එයාට එන්න විදිහක් නෑ.....එයා කොහෙ එන්නද...........

මම ෆයිල් එක දිගෑරගත්තා...අකුරු දිහා බලන්න බෑ...අකුරු නටනවා වගේ....ඔලුව කෙලින් කරගන්න බෑ...ඔලුව පුපුරන්න වගේ...........

මම වතුර උගුරක් බිව්වා.......

කියුල වගේ......

ගෙදරින් ගෙනාව වීදුරු වතුර බෝතලේ වතුර ලුණු රසයි ........

මට ෆයිල් එක දිහා බලන් ඉන්නවත් බෑ.....ගැස් අමාරුව එන්න එන්නම උත්සන්න වේගන එනකොට සමරවීරයට ඕන රෙද්දක් කරගනින් කියලා මට පහල තිබුන කැෆේ එකට යන්න හිතුනා...යන්න හිතුනා උනත් මගෙ ඇගට පන නැති ගතිය එක්ක මාව හෝන්දු මාන්දු වෙලා ගියා....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now