86Extra (BoL)

5.6K 955 301
                                    

නිතේස් අයියෙ .....

.......

මොනවද ඒයි ඔයා අරන් යන්නෙ .....මං ඇදුම් බෑග් එක හදන්නද.....යෝ.........ඔහොම හූල්ලන්න එපා අප්පා...අපෙ සෙනෝන් කිව්වනෙ ඉරනම් කාරයා කොහෙ හරි ඉදලා හම්බෙනකන් වැරදි උන්ට අහුවෙනවා ඒකට හිත හදා ගන්න කියලා ඈ....යෝ මේ ළමයා කියන දේ ඩිංගිත්තක් අහන් නෑනෙ. ..සෙනෝන්ව හම්බෙන්න කලින් ඩියෝන් බබාත් ඉස්කෝලේ උන්න හෙඩ් පිපෙට් අයියත් එක්ක සෙට් වෙලා උන්නා ....කෝ දැන් එව්වා නෑනෙ...ඒවගෙ තමයි.....

..................

අනික ඒ ගෑනු සතා බැදලත් ඉවරනෙ පුතේ......යෝහ්.....හ් හූල්ලනවා ඉවරයක් නෑ ඇත්තමයි නිතෙස් මට එන තරහට දැන් නම් ගහන්න හිතයි පිට පුපුරන්න....

අරූගෙ කන්කරච්චලේ ....නිතේස්...නිතේස්...ඉවරයක් නෑනෙ.....

පහලට වෙලා උන්න මම අරකගෙ ලවුස්පීකර් එකෙ සද්දෙට කන්දීගන උන්නා.....

.thanks god ඒකි බැදලලු...ඒකි බැදලත් මොකද මගෙ එකා නහින්ඩ හදන්නෙ......??බැන්දා මිසක් මැරුන් නෑනෙ....උඹට වඩා මමයි සමහරතැන්වල පව් අග්නි.....මොන කරුමෙටද මන්දා මං ආදරේ කරපු උන් මගෙම ඇස් පනාපිට මැරුනා .....එහෙම උනහම උඹට වඩා මටයි අමතක කරන්න අමාරු.......

හිත හයිය කරගනින් මගෙ නිතේශ් ..  ...උඹගෙ නැති උන හිනහව මං ආයම ගෙනත් දෙන්නම්.....මැරෙන්න තරම් ආදරෙයි කියපු උඹට...මම මැරෙන්න තරම් ආදරේ දෙන්නම්.......

නිතේශ්ගෙ හොර ගෑනිගෙ කතා බතා අහන් උන්න මං තනියම කල්පනා කර කර ඉන්නකොට පහලින් දොරක් අරින සද්දයක් එනවා එක්කම මං ඉක්මනට මුවා උනා.........

ඩියෝන්...ඕක අරින්න....

මං එබිලා බැලුවා පොඩි ට්‍රැවලින් බෑග් එකක් අතේ තියන් ආව එයා කාලිගෙ උක්කුවට ඕක අරින්න කියනකොටම මූ දූවලා ගිහින් ඩිකිය ඇරිලා .....

කෝ දෙන්න මං දාන්නම්....

ඕන් නෑ...යනවා ඇතුලට ....

ඇයි  ..

ඇයි අහන්නෙ.....ඔහොම එලියට එනවද ඩියෝන්?

මගෙ ඇහිබැම එකට ඇකිලුනා   .එයා හරි    ඔහොම එලියට එනවද ....අර හොර ගෑනි ඇදන් උන්නෙ දනිහට උඩින් ආව ටී ශර්ට් එකක් විතරයි ...ඊටත් ඔලුවට අයිස් කැප් එකකුත් බස්සන්.....කකුලට වඩා තවත් යාරක් දිග සෙරෙප්පු දෙකකුත් දාගන.... 

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now