68වන කොටස ....

5K 1K 280
                                    

අග්...නී....

"එපා....අල්ලන්න එපා මාව  .....අල්ලන්න හිතන්නවත් ...එපා.....හරි....අල්ලන්න හිතන්නවත් එපා...........මරලා දානවා........එක ඇගිලි තුඩකින් වත් මගෙ මූන ඇල්ලුවොත් මම උඹගෙ ඔලුව අර කලු ගලෙ ගහලා පොඩි පට්‍ටම් කරනවා...මොකද.....මැරුනත්...මට දුකක් නෑ.......උඹගෙ බැදීම කොයි තරම්.ගැඹුරුද කියනවා නම්....මැරුනත්....උඹ අයිති මට....ඉතින්.......උඹගෙ අම්මා තාත්තට උඹව නැති කරන්න ඕනෙ නැති නම්.......පාඩුවෙ ඉදපන්.......ම්ම්ම්"

එයා මගෙ අත අහකට කෙරුවා.....ඇත්තටම කෙරුවා කියනවාට වඩා....එයා මගෙ අත අනිත් අතට තල්ලු කෙරුවා කිව්වා නම්........අන්න ඒකයි දෙන්න පුලුවන් හරිම වචනෙ.......එයා මට කිව්වා මරලා දානවා කියලා .....අර කලුගලේ ගහලා කිව්වා කිව්වත්...ඇස් හරවන හැම තැනකම තිබුනෙ කලු ගල් වෙනකොට අග්නිට අහුවෙන්නෙ මොකේද මගෙ ඔලුව ඒකෙ ගහයි කියලා හිතුනා .......

මම අහක බැලුවා....එයා උන්නෙ ඒ සර්වාංගෙම බර මගෙ ඇගට දීලා වෙනකොට මට හුස්ම අල්ලන්නත් බැරි උනත් මට ඒ මූන දිහා බලලා අනේ අග්නි උඹ  බරයි කියන්න.......මට බෑ එ රතු වෙච්ච අස් දිහා බලන් අනේ අග්නි....මට සමාව දියන් කියන්න.............

මම ඇස් කොන් හරවලා බැලුවා ........එයා මාදිහා බලන් ඉන්නවා.....එකම වචනයක්....එකම ඇස්පිල්ලමක් නොගහම ......

" මට තවත් අග්නි කෙනෙක්....තවත්.....කාලි කෙනෙක් මේ ලෝකෙට  ගේන්න ඉඩක් තියන්න එපා ශිවන් ....මට ඕනෙ නිඛිල් කෙනෙක්...........හුරතලේට අප්පුච්චියේ ගගා වැටි වැටි දුවන එකෙක්.....කොච්චර බලගතු උනත්....මිනිස්සුන්ගෙ ඇස් වලට වහන් වෙන්න හදන එකෙක් නෙවෙ......මට ඕනෙ නිඛිල් කෙනෙක්.......අනිත් උන් වගේම දුව පැනලා හිනා වෙන....... නැතුව මම වගේ එක තත්පරෙන් හැම දේම අලුවෙන්න ගින්දර තියන එකෙක් නෙවෙ........."

එයා මගෙ මූන දිහා බලලා ඇගෙන් බැස්සා....බැහැලා මට එහාපැත්තෙන් දිගා උනා ඉන පටිය ගැලෙව්වයින් එයාගෙ ඇදුම සම්පූරනම බුරුල් වෙලා හැම තැනම විසිරිලා තිබුනා ....මම නිරුවතින් ඉන්නකොට එයා අඩ නිරුවතින් උන්නා.......

ඒ පපුව උස් වෙනවා පහත් වෙනවා..හැබැයි ඒ හැම හුස්මක්ම පුදුමාකාර තරම් බරයි...මං නිකන් තටු තිබිලත් පියාඹන්න තහනම් උන කුරුල්ලෙක් වගෙ....කට තිබුනත් කතා කරන්න අවසරයක් තිබුන් නෑ.....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now