↖️30↗️

1.1K 188 72
                                    

..

..

..

Yibo ' s P.O.V°°°°°°°°°°°°°°°


.

.

මහ සාගරේ මැද....ගොඩබිමට ගොඩක් ඈතින්.....මගෙම ජීවිතේ හොයාගෙන මන් ඇවිත්.....මෝටර් බෝට්ටුව ඉස්සරහට ඇදෙනවත් එක්ක මුහුදු රළ දෙබෑ කරන් කන් පුරවන හඩක් නැගෙනවා...ඒත් ඊට වඩා පපුවටම දරන්න අමාරු වෙන්න හදවත කෑ ගහනවා......මට බයයි....අතේ ගන් එකක්...බූට් සපත්තු දෙක ඇතුලේ කිනිසි දෙකක් තිබුනත් මට බයයි.....හැගීමක් නොපෙන්වා සීතල මූනකින් ටිකෙන් ටික ලන් වෙන නැව දිහා බලන් හිටියත් මාව පිච්චෙනවා...මහ සාගරයක් මැද උනත් මාව ගිනිගන්නවා...නිවන්න නෑ...මේ වතුර කදටවත් ඒ ගින්න නිවන්න බෑ...එයාව දකිනකම්...එයාලා හොදින් කියල දැනගන්නකම්....මාව වෙව්ලනවා....ගිලින්නවත් කෙල පිඩක් ඉතුරු නොවෙන තරමට උගුර වේලිලා ගිහින්....

මං දන්නවා නම් දුර්වලයෙක් නෙවේ....මං දුර්වල නෑ...මං කීයටවත් දුර්වලයෙක් නෙවෙව්....ඒත්...එයාලා.....මගෙ ජීවිතේට වැදගත් අය...මට ලෝකයක් උනුඅය....එයාලා ළඟ මං දුර්වලයි.. එයාලට කරදරයක් වෙයිද කියන සිතුවිල්ලත් එක්ක මං අසරණයි...කියාගන්න බැරි තරම්.....



..අපි ආවා.....

බෝට් එක අරන් ආව මිනිහා නැව් බදට ලන් වෙලා නතර වෙලා කියද්දි මං උඩ බැලුවා...නැව නතර වෙලා...නෑ මං නතර කලා....එක අගලක් හෙල්ලෙන්න බෑ එකෙක්ට...පාවා දෙන එකා මොකා උනත් තවත් උන්ට ඩොන් එක්ක කෙනෙක්ශන් එකක් තියෙන්න බෑ....හැම කනෙක්ශන් එකක්‍ම හැක් වෙලා...නෑ...හැක් කරලා......වරායටවත් සිග්නල් එකක් යවාගන්න බැරි වෙන්න.....

..Go back....

නැව් බද දිගේ උඩට නගින්න ලෑස්ති වෙන ගමන් මං බෝට් එකේ අයිතිකාරයට කිව්වා....මිනිහා ඔලුව වනලා යන්න යද්දි මං ඇස් කරකවලා බැලුවා....ඇතුලෙ ඉන්න මගෙ උන් උනු ඒත් පාවාදෙන්නො ටික දැනටමත් දන්නවා මං ඇවිත් කියලා.....උන් නොදැන ඉන්න විදිහක් නෑ...නැව නතර වෙලා තියෙද්දි බෝට් එකක් එන සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න උන් බීරෝවත් අන්දයොවත් නෙවේනේ....දැනටමත් එකෙන් නැවේ උඩට වෙලා මගෙ දිහා බලන් පහතට එබීගෙන මොනවත් කිව්වත් මං ගනන් ගත්තෙ නෑ..මට එපා ඒ එක බල්ලෙක්ගෙවත් උදවු....මට හැමදේම තනියම කරගන්න පුලුවන් ...වැඩ කරන්නෙ ඇගිලිවලින් උනත් මටත් අවුරුද්දක ට්‍රේනින් එකක් ගැනග් එකෙන්ම දුන්නා.....වැඩක් නැති වෙයි කියලා හිතුවත් ඒකේ වටිනාකම මට දැනෙන්න ගත්තෙ දැනුයි..පිස්ටල් එක කල් තියා ඉනේ ගහගත්ත මං තනියම...ඔව්...විස්වාස කරන්න කියලා එකෙක්වත් නැති තැන මාවම විතරක් විස්වාස කරන් තනියම නැවට නගින්න ගත්තා...අමාරුයි....මේක රුවල් නැවක් නෙවේනේ ලනු කෑලිවලයි..ලී පතුරුවලයි එල්ලිල නගින්න...අනික මං ස්පයිඩර් මෑනුත් නෙවේ අත තියන තියන තැන ඇලෙන්න....මුහුදු වතුරත් එක්ක ලෙස්සනවා...අව්වෙ සැරට රත් උනු නැව් බදට අත පය පිච්චෙනවා....ඒත් අතාරින්න බෑ.....අතාරින මොහොතෙ එයාලව බේරගන්න හිතන්නත් කලින් මටයි මේලෝකෙන් යන්න වෙන්නෙ...දැන්ම යන්න බෑ....මගෙ ජීවිතේ විනාශ කර්පු එකාව මරාගෙන මිසක මට යන්න බැ.....



💓WITH YOU 💓 ( Zy Completed  ff)Where stories live. Discover now