• 03 •

616 172 97
                                    

චූටි පැටියාවත් තුරුල් කරගෙන සනීප නින්දක ගිලිලා හිටිය ජිමින්ට පාන්දර පහට විතර ආයෙමත් ඇහැරුණේ වෙනදා පුරුද්දටම වෙන්න ඕන..ඒත් අද වීක් එන්ඩ් එක කියලා මතක් උන එයා තව ටිකක් පැටියව තුරුල් කරගෙන ඩුවට් එක අස්සට ගුලි උනා..

ඩැඩාගේ තුරුලට වෙලා හීන බල බල හිටිය මින්ජුන්ගෙ මූණ පුරාම පුංචි පුංචි හාදු තියන ගමන් ජිමින් කල්පනා කරේ අයිවි ගැන..

එයා ඇත්තටම අයිවි ඊයේ රෑ කියනකල්ම දැනන් හිටියේ නෑ අයිවි බර්ත් කන්ට්‍රෝල් ලූප් එක අයින් කරගත්තා කියන්න..ඇත්තටම එයා ඒක ගැන දැනුවත් වෙලා හිටියනම් එයාට මෙච්චර දුකක් පසුතැවීමක් දැනෙන්න තිබුණේ නෑ නේද කියලත් ජිමින්ට කල්පනා උනා..

ඒත් අයිවි කියන්නේ එදා ඉඳලම එයාට ඕන ඕන දේවල් එයාට ඕන ඕන වෙලාවට කරපු කෙනෙක් නිසා ජිමින්ට මීට වඩා දෙයක් අයිවිගෙන් බලාපොරොත්තු වෙන එකත් මෝඩකමක්...

චූටි මැණික...

තමන්ගේ ඇඟිල්ලකට යන්තමට රිදුමක් දැනුණ ජිමින් මින්ජුන් දිහා ගැස්සිලා බැලුවේ එයා හිටිය කල්පනාවෙන් අයින් වෙලා..ඒ වෙනකොටත් නින්දෙන්ම ජිමින්ගේ කොට ඇඟිල්ලක් තමන්ගේ අත් දෙකින්ම අල්ලගෙන කටේ දාගෙන අමාරුවෙන් හපන්න උත්සහ කරන මින්ජුන්ව දැක්කම එයාගෙ හිත ආදරෙන් පිරිලා ගියා..

අප්පගෙ දඟ බට්ටා..

ජිමින්ගේ වගේම අඩුපාඩුවක නැතුව පිහිටලා තිබුණ චූටි පැටියගෙ උල් වෙච්ච ලා රෝස පාට ෆ්ලෆි තොල් වලින් බේරුණ කෙල තොගයක් නැපි එකකින් පිහදාපු ජිමින් මින්ජුන්ගෙ නිකටට පුංචි හාද්දක් තියද්දි මින්ජුන්ගෙන් ආව කිරි සුවඳ ආයෙමත් ජිමින්ව අතීතෙට අරගෙන ගියා...
.
.
.
එයාට මතක් උනේ එයාලා ඉස්සෙල්ලම මින්ජුන් ගැන දැනගත්ත දවස..

එදා අයිවි එයාගෙ කම්පැනි එකෙන් ශෝට් ලීව් එකක් අරගෙන තිබුණේ පහුවදා තිබුණ ට්‍රේඩ් සිම්පෝසියම් එකකට ඕන කරන එයාගේ තිසිස් එක ප්‍රින්ට් කරවගන්න ඕන නිසා..

ඒත් යුනිවර්සිටි එකේදි අයිවිගෙ ඇඟට දැනුණ වෙනස්ම අපහසුතාවයක් වගේම බඩ රිදෙන ගතිය එන්න එන්නම වැඩි උනත් එයා ඒ කිසි දෙයක් ගණන් නොගෙන එයාගේ වැඩේ අමාරුවෙන් කරගෙන ගෙදර ඇවිත් තිබුණා..

• Shades of Love • [ Jikook - Completed ]Donde viven las historias. Descúbrelo ahora