• 04 •

574 163 81
                                    

පැයක විතර අමාරු මිශන් එකකින් පස්සේ දියකාවෙක් වගේ එහාට මෙහාට දැඟලුව මින්ජුන්ව යන්තම් බාත්ටබ් එකෙන් එලියට ගන්න ජිමින්ට පුලුවන් උනේ මින්ජුන්ගේ චූටි ඇඟිලි වලින් කෙනිත්තිලා රතු උන පැල්ලම් තොගයකුත් පපුවෙයි මූණෙයි ඉතුරු කරගෙනමයි...

ඔයා නම් හරිම නොටි කොල්ලෙක් මින්ජුනා...

චූටි බට්ටා බෙඩ් එකෙන් තියලා බේබි කලොන් එක අතට ගත්ත ජිමින් එයා එක්ක හිනා උනා...

ඩැඩාව හොඳටම කොනිත්තලා..පව් ඩැඩා

අතට ගත්ත කලොන් ටික මින්ජුන්ගෙ සිනිදු කෙස් කැරලි වල තවරපු ජිමින් ඉතුරු ටික මින්ජුන්ගේ බණ්ඩියේ ගාලා ඉවර වෙලා යන්තමට නහයෙන් කිචි කැව්වා..

එයාගෙ ඩැඩාගේ නහය බණ්ඩියේ ගෑවෙද්දි දැනුණ කිතිය හින්දා දිලිසෙන ඇස් වලින් ඩැඩා දිහා බලපු මින්ජුන් ටිකකින් හිනාවෙන්න ගනිද්දි ජිමින් තව තවත් එක එක කතා කියන ගමන් දිගටම මින්ජුන් ව කිචි කවන්න පටන් ගත්තා..

ජිමින්ගේ වැඩේටත් තමන්ට පුලුවන් උපරිමෙන් දායකත්වේ දෙන ගමන් මින්ජුනත් මහා සද්දෙට කෑ ගහ ගහ හිනාවෙන්න පටන් ගත්තා..එයාලට වෙලාව ගත වෙන එක ගැන නම් කොහෙත්ම ගාණක් තිබ්බේ නෑ..

අප්පාගෙයි පුතාගෙයි පුදුම සද්දයක්නේ තියෙන්නේ...

තමන්ගෙම ලෝකෙක ගිලිලා පිස්සුවෙන් වගේ දඟලන අප්පයි පුතයි ආයෙමත් මේ ලෝකෙට ආවේ නර්සරි රූම් එකේ දොර දිහාවෙන් ඇහුණ ආගන්තුක කටහඬකින්...ඒත් එක විනාඩියට ඒ කටහඬ අඳුරගත්ත මින්ජුන් ජිමින්ගේ අත් අස්සෙන් එබිලා දොර දිහා බැලුවේ එයාගෙ ඇස් බෝල කරගෙන...

ම්ම්ම්ම්ම්..බා..බබා

ආයෙමත් ජිමින්ගේ බයිසෙප් එකක් කොනිත්තන ගමන් මින්ජුන් බෙරිහන් දෙනකොට ජිමින් එයාව ඉක්මනට අතට අරගෙන කෙලින් වෙලා දොර දිහා බැලුවේ ලොකු හිනාවකුත් එක්ක...

ටේ...ගුඩ් මෝනින්

ගුඩ් මෝනින් ජිමිනා..කෝ ඉන්න මං ගන්නම්

⁣නර්සරි රූම් එකේ දොර ළඟ හිටගෙන ඉන්න ටේට ග්‍රීට් කරපු ජිමින් ලඟට ටේ ඉක්මනට ඇවිදගෙන ආ⁣වේ දැනටමත් ජිමින්ගේ අතින් ටේ ගේ අතට පනින්න දඟලන මින්ජුන්ට අත් දෙකත් දික් කරන ගමන්...

• Shades of Love • [ Jikook - Completed ]Where stories live. Discover now