11

824 178 67
                                    

" ඔයා අඩන්න එපා සන්.. නරක ළමයි එක්ක කතා කරන්න හොද නෑ "

" ඔව් නියෝ.. අපි වැඩ කරමු..."

-
-

මෙ අතරේ නියෝ තල්ලු කරපු ළමයා ඩෙස් එකක් උඩට වැටුණම එයාගෙ යාළුවා ඇවිල්ලා එයාව නැගිට්ටෙව්වා.

" ඔයාට රිදුණද?"

" ඉන්නකෝ මම එයාට හොද පාඩමක් උගන්නනවා.."

-
-

" ආයුබෝවන් ළමයි. දැන් පොත් ටික ගන්න එළියට "

"ටීචර් ටීචර්. මට ප්‍රශ්නයක් තියෙනවා. "

" මොකක්ද පුතේ "

නියෝගෙන් ගුටි කාපු පන්ති නායකයා අත ඉස්සුවා.

" ටීචර් සුරංගනාවියො කියලා කට්ටියක් නෑ නේද ටීච.."

ටීචර් සිනහ විය.

" හහ් නෑ පුතේ . සුරංගනාවියෝ කියන්නෙ ලස්සන අයට. ඇත්තටම සුරංගනාවියෝ කියලා කට්ටියක් නෑ.."

පන්ති නායකයා නියෝ දිහා බලලා නියෝට සමච්චලේට දිව දැම්මා...

" නියෝ ටීචරත් කිව්වනෙ සුරංගනාවියො නෑ කියලා. ඔයාට තාත්තා කිව්වෙ බොරුද එතකොට.? "

නියෝගෙ මිතුරා සන් පවා නියෝගෙන් ප්‍රශ්න කලා.

නියෝට කියාගන්න දෙයක් ඇත්තටම ඔලුවට ආවෙ නෑ. එයා තාත්තව පනටත් වඩා විශ්වාස කලා ඒත් එයා තාමත් කැමති නෑ සුරංගනාවියො නෑ කියලා පිළිගන්න..

-

රාත්‍රියේ.

" නියෝ ඇයි ඔයා අද සද්ධ නැත්තේ. ඉස්කෝලේ වුණ දේවල් මට කියන්නැද්ද? "

රාත්‍රී ආහාරය සදහා බත් පිසිමින් සිටි යන්ග් පැවසූහ..

" තාත්තේ අද ටීච කිව්වා සුරංගනාවියො කියලා කට්ටියක් නෑලු. එතකොට මගේ අම්මා කවුද ? කියන්නකො තාත්තේ..."

කුස්සියේ මේසේ උඩ වාඩි වී සිටි පුංචි නියෝ බැහැලා ඇවිල්ලා යන්ග්ගෙ කලිසම් කකුලේ එල්ලුණා..

එළවලු කපමින් සිටි යන්ග් එය ඇසුණු විගසම දෑස් වසමින් එය නැවතූහ.

" මම හිතුවා මේ දවස කවදමහරි එයි කියලා. හැමදාම ඔයාට බොරු කියන්න බෑ. "

Sugar Daddy [ ZHANYI ]✔Where stories live. Discover now