44

1K 174 68
                                    

මගේ තොල් වලින් ඈතට ගිය නියෝ මගේ කම්මුල් තද කරලා අල්ලගෙන ඒ ඇස් වලින් මගෙ දිහා බලාගෙන හිටියේ හරියට උමතුවකින් වගේ.

" පපා...."

"ම්ම්ම්...."

" අපි යමු ආපහු ගෙදර... මට ඕනේ අපි ගැන හැමදේම සීයටයි ග්‍රැනීටයිත් කියන්න...."

" නියො ඒත්....."

එයාගෙ දිග ලොකු ඇගිල්ලක් ඇවිල්ලා නතර වුනේ මගේ තොල් දෙක උඩ...

" ෂ් ... පපා... අපි කවදා වෙනකන් මේක හංගන්නද... දැන් කාලේ ඇවිල්ලා අපේ සම්බන්දෙ අලුතින් පටන්ගන්න.. සීයා අපිව තේරුම් ගනියි... මාව විශ්වාස කරන්නකෝ... ඔයාට මාව විශ්වාසයි නේද පපා....?"

" මට ඔයාව මටත් වඩා විශ්වාසයි මැණික. ඔයා කැමති ඒකටනම් අපි එහෙම කරමු."

මට තවත් ඕන නෑ නියෝ ගෙ ඒ ලස්සන හිනාව නැති වෙන හැටි දකින්න.. ඒ නිසා මට බෑ එයාගෙ තීර්ණේට හරස් වෙන්න. ඒත්... මම කොහොමද මගෙ පපාගෙ මූණ බලන්නෙ මේක දැනගත්තම.. මට තිබ්බ ලොකුව කනස්සල්ල වුණෙ ඒක.

-

-

" පපා ඔයාට මේක කරන්නම ඕනෙද? "

" ඔව් නියෝ .. ඒක මගෙ යුතුකමක්. එයා අපි වෙනුවෙන් කොච්චර දේවල් කලාද... එහෙම නොකිය යන එක හරිනෑ මැණිකෙ."

" හ්ම්..එනම් පපාම කියලා එන්න මට ඕන නෑ එයාගෙ මූණ බලන්න.. මම දොරෙන් එලියට වෙලා ඉන්නවා.. පපාට පොඩි හරි කරදරයක් ඌ කරන්න හැදුවොත් මට කතා කරන්න... ඒ වෙලේම මන් එයා ගැන බලාගන්නම්..."

" නියෝ... ඒ ඔයාගේ .........."

" ඇති පපා.. ඒ මගෙ කවුරුත් නෙමේ...මන් එක්ක ආපහු ඒ කතාව කියන්නෙපා පපා..ප්ලීස්...ඒක මගෙ ඉල්ලිමක්...."

"...හරි..හරි . ඉන්නකො .මම එයාට කියලා එන්නම්..."

පව් මගෙ මැණිකගෙ මූණත් හොද නෑ ශිරන් ගැන කතා වෙනකොට...මන් දන්නවා එයාට ඒක වදයක්.. එයා කැමති නෑ මන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එයාගෙ ජිවිතේට සම්බන්ද වෙනවට.... ඒ නිසා අපි ශිරන්ගෙන් ඈතට යන්න තීර්ණය ගත්තේ... අන්තිමපාරට හරි ශිරන්ට කියලා යමු කියලා මමයි නියෝට කිව්වෙ... මොනා වුනත් එයා නිසයි අපි දෙන්නා මෙහෙම එකතු වුණේ... අනික එයයි මගෙ ජිවිතේ බේරුවෙ... ඒ කලගුණ මට අමතක කරන්න කොහෙත්ම බෑ...

Sugar Daddy [ ZHANYI ]✔Where stories live. Discover now