37

776 164 27
                                    

දිගින්  දිගටම ෆෝන් එකට ආව මැසේජස් එක්ක නියෝට තවත් චෙන්ශිව මුණ ගැහෙන්න නොයා බැරි වුණ නිසාම නියෝ චෙන්ශිගෙ ගෙදර ගියා..

🤛🤛🤛

ගෙදර දොරට තෙවරක් තට්ටු කරපු නියෝ අඩියක් පිටුපස්සට ගියෙ වෙනදා වගේම චෙන්ශි ඇවිත් ඇගේ එල්ලෙයි කියලා බලාගෙන..

ඒත් ගේට් එක ඇරියෙ සිකියුරිටි කෙනෙක්.

" එන්න සර් ඇතුළට..."

නියෝව ඇතුළට එක්කන් ආව සිකියුරිටි ආපහු ගේට් එක වහලා නියෝට ගේ ඇතුළට යන්න ඉඩ දුන්නා.

" හ්ම්ම්. පුදුමයි..අර සන්නිය අද ආවෙ නෑ..ඒකත් හොදයි..ලොකු සැනසීමක්..."

නියෝ මුමුණ මුමුණ ගේ ඇතුළට ඇතුල් වෙනකොටම,

" අහා නියෝ..එන්න එන්න මෙහෙ එන්න..."

කොහෙන්ද මන්දා ඉදන් චෙන්ශි කාඩාගෙන පැනලා යීබෝගෙ අතින් ඇදන් මිස්ට ශිරන් ළගට එක්කන් ආවා..

" අහ් නියෝ.. කොහොමද ඉතින්.. මැරේජ් එකට ලෑස්ති වෙනවා නෙහ් දෙන්නම..."

ශිරන් අහපු ඒ ප්‍රශ්නෙට චෙන්ශිනම් ඔලුව හොලවලා උත්තර දුන්නත් නියෝ නම් හිටියෙ ඔරවගෙන.

" අංකල්... මම ඔයාට පැහැදිලිව කිව්වා මගෙ පපාට ට්‍රීට්මන්ට් පටන්ගන්නකන් මම මැරි කරන්නෑ කියලා..."

" ඉතින් දැනටමත් හැමදේම ලෑස්තිනෙ..පපා ඔයාට කිව්වෙ නැද්ද? "

" මොකක්ද ? "

නියො උඩබිම බැලුවෙ මෙ මුකුත් එයාට යන්ග් නොකිව්ව නිසා..

" ඔයා මට කිව්වනෙ මේ ඔපරේශන් එක ගැන ඇත්ත එයාට නොකියා ඉන්න කියලා.ඉතින් මන් මගෙ කෙනෙක් දම්මලා එයාට ලන්ඩන් එන්න කිව්වා.. එයා හා කිව්වා..."

ශිරන් ඒටික කියාගෙන යනකොට නියොගෙ ඇස් ගෙඩි දෙක ලොකු වෙලා රතුපාට වෙලා ගියා..

" ලන්ඩන් යනවා..මගෙ පපා?? කවද්ද..?"

" හෙට..."

ශිරන්  එහෙම කිව්වා විතරයි චෙන්ශිගෙ අත දමලා ගහලා අනිත් පැත්ත හැරිලා නියො ගෙදර දුවන් ගියා..

" ඌට මොකද වුනේ...? ප්‍රින්සස් ඒක හිතන්නෙපා.. අනිද්දයින් පස්සෙ නියෝ ඔයාගෙ විතරයි..."

Sugar Daddy [ ZHANYI ]✔Where stories live. Discover now