27.last day in paris

1K 207 23
                                    

2 days later.

එදා රෑම ජන්කුක්ගෙ උණ අඩුවෙලා එයාට හොද උනා...ටේහ්‍යුන් එදායින් පස්සෙ බය නිසාම ජන්කුක් එක්ක කිස් එකකින් එහාට දුර ගියේ නෑ...

දවස් දෙකක් ගෙවුනා..එයාල පැරිස් ඉන්න අන්තිම දවස අද..අද රෑ ෆ්ලයිට් එකෙන් එයාලා ආයෙ කොරියාවට යනවා..

"Good morning bae.."

ජන්කුක්ව හොයන් උදේම මැන්ශන් එක වටේ ගියපු ටේහ්‍යුන් දැක්කෙ ගාර්ඩ්න් එකේ බෙන්ච් එකක ඉදන් ඉන්න පුංචි කොල්ලව..

තාම උදේ 6ට විතර ඇති..ලාවට එලියේ සීතලකුත් තිබුන..ඉක්මනට ටේහ්‍යුන් ජන්කුක් ලගට ගියා.

"Good morning hyung."

ටේහ්‍යුන් බෙන්ච් එකේ ඉදගත්තම ජන්කුක් කිව්වා..

"මොකද මගේ පැටියා සීතලේ එලියෙ කරන්නෙ ම්ම්..තාම හරියට එලිය වැටිලවත් නෑ."

ටේහ්‍යුන් ඇහුවෙ මල් දිහා බලන් ඉන්න ජන්කුක්ගෙන්

"ම්ම් නෑ...මට මෙහෙ දාලා යන්න හිතෙන්නෙ නෑ..අදින් පස්ස් ආයෙම පරණ විදියට හැඩගැහෙන්න ඕනෙ .හ්‍යුන් ආයෙ කොලේජ් යයි.බිසී වෙයි..මන්..අනේ මන්දා මන් මොනා කරන්නද කියලා.."

ජන්කුක් කිව්වෙ සීතල නිසා ටේහ්‍යුන් ඇගට ගුලි වෙන ගමන්.

"අයිගෝ බේබි...ඕක ගැන ඔච්චර හිතන්නෙ මොකෝ ම්ම්...හ්‍යුන් බිසී උනාට හ්‍යුන් එයාගෙ බේබි එක්ක ඉන්න හැමවෙලේම try කරනවා ම්ම්..බේබි මොනාත් කරන්න ඕනෙ නෑ..බේබිට තියෙන්නෙ මාව බලාගන්න."

ටේහ්‍යුන් කිව්වෙ හිනාවෙවී..ටේහ්‍යුන් එහෙම කිව්වම ජන්කුක්ගෙ කම්මුල් රෝස පාට උනා..

"යමු ඇතුලට.ඔයාට සීතල අල්ලනවානෙ ම්ම්..."

ජන්කුක් ඔලුව වැනුවම ටේහ්‍යුන් ජන්කුක්වත් උස්සන් ඇතුලට ගියා..
.
.
.
.
.
.
.
.
.

කට්ටියම පස්සෙ බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ඇවිදින්න ගියේ පැරිස් වල ඉන්න අන්තිම දවස නිසා.

උදේ ඉදන් එයාලා පැරිස් වල බලන්න තිබුන තවත් තැන් බලන්න ගියා..තනියම නෙමේ හතර දෙනාම එකට..එකට කෑවා,එකට හිනා උනා,එකට විනෝද උනා..හැමෝම හිටියෙ දුකින් උනත් එයාලා ඇවිදින්න ගිය එකෙන් ගොඩක් සතුටු උනා...

𝐈'𝐌 𝐍𝐎𝐓 𝐆𝐎𝐍𝐍𝐀 𝐇𝐔𝐑𝐓 𝐘𝐎𝐔💕 |𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸| ✔️Where stories live. Discover now