9 කොටස

642 61 2
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌼9 කොටස🌼

නේශා නැවත විහිලුවටවත් සිය පැරණි සිම්පත දැමූ දුරකථනය ක්‍රියාත්මක නොකළාය.ඇයට ආදරය ගැන ඇත්තේ කළකිරීමකි.දේවින්දගේ මුවින්ම පිට වූ එවදන් ඇසීම මෙතරම් වේදනාත්මක වේ යැයි අංශු මාත්‍රයක හෝ සිතුවිල්ලක් තිබුනේ නම් ඇය කිසි විටෙක ඒ ඇමතුම නොගන්නේය.

නිවාඩු දවස් ගෙවී ගොස් නැවත රැකියාවට යාමට සූදානම් වූවද ගතට කිසිම පණක් නැති බවක් නේශාට දැනෙන්නට විය.නමුත් නිකරුණේ නිවාඩු ගැනීම පාඩුවක් බව සිතූ ඇය කුසුම්ගෙන් සමුගෙන මාවතට පිවිසියාය.ඇය මඳ දුරක් ගමන් ගද්දී ඇය පසුපසින්ම ආ රියෙහි සිටියේ සශීරය.ඇය ඇවිදින අයුරෙහි පවා ඇත්තේ අලසකමක් බව සශීරට සිතෙන්නට විය.වෙනදා මෙන් ඇයව ගණන් නොගෙන යාමට සිත නුදුන්නෙන් ඔහු ඇයව පසුවනවාත් සමඟම රිය අයිනෙන් නතර කළේය.

"නේශා...."

කල්පනා ලොවක සිටි නේශා තිගැස්සී මෙන් සිය වම්පසින් නවතා ඇති රිය දෙසට හැරුනාය.

"නඟින්න"

හිත වූයේ කරදරයෙන් වුවද නේශා දෙනෙත් සිහින් කරමින් සශීර දෙස බැලුවේ ඔහුගේ වදන් අදහාගත නොහැකිවය.ඔහු නම් අද නැඟිට ඇත්තේ වැරදි මොහොතකය.නැත්නම් ඔහු කිසිවිටෙක ඇය වෙනුවෙන් සිය රිය නතර කරන්නේ නැත.සශීරට ඇගේ බැල්ම වැටහීමට ගියේ මිලි තප්පරයකි.

"එන්න බැරි නම් කියනවා මං යන්න"

තරමක් සැරෙන් සශීර පවසද්දී නේශාගේ මුවේ ඇදුනේ සිහින් සිනාවකි.පාර මාරු වී සශීරගේ රිය දෙසට ඇවිද ගිය නේශා ඉදිරිපස ආසනයෙන් වාඩි වී ආසන පටිය දමාගද්දීම සශීර රථය ඉදිරියට ගෙනගියේය.දෙදෙනා අතර වූයේ දැඩි නිහඬ බවකි.අන් දිනවල තොරතෝංචියක් නොමැතිව කියවන යුවතිය පවා නිහඬය.බැල්මකින්වත් ඇය ප්‍රතිචාරයක් නොදැක්වූ බව සශීරගේ නෙත් අගට පෙනුනේය.තරමක පුදුමයක් දැනුන ද ඔහුගේ මුවේ ඇදුනේ ලා සිනහවකි.

"මේ....අද බෙලි කටු මල්ල හොල්ලන්නෙ නැද්ද?"

වීදුරුවෙන් එපිට බලාගෙන කල්පනාවක සිටි නේශා සශීර දෙසට හැරුනේ ක්ෂණයෙනි.

සසර පුරා - Until Where stories live. Discover now