25 කොටස

694 55 0
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️ 

🌼25 කොටස🌼

යුවළ සිටින අයුරු දැක දොරින් මතු වූ රුව දෑස් දල්වා එදෙස බලා සිටින්නට වූවේය.

"අම්මට හුඩු..."

ඔහුගේ හඬින් පිට වූ වදන අසා නේශා මේසයෙන් බැස්සේ තප්පරයටය.ඔවුන් දෙදෙනා දෙස බලාගෙන සිටියේ විශාන් ය.නේශා බිම බලාගෙනම සශීරව මඳකට තල්ලු කළේ ඔහු මහමේරු පර්වතය සේ සිටගෙන ඉද්ඳීය.

“මේ….මං වැරදි වෙලාවකද මන්දා ආවේ”

විශාන් පැවසුවේ සරදම් සිනහවක් මුව රඳවාගෙනය.නේශා බිම බලාගෙනම සිටියේ ඇගේ දෙකම්මුල් රතු වෙද්දීය.

“නෑ..නෑ..උඹ නැකැතටම ආවා..දොරට තට්ටු කරලා එන්න දන්නෙ නැද්ද බූරුවෝ?”

සශීර පැවසුවේ බොරු කේන්තියක් පෙන්වමිනි.

“ඉතින් බාගෙටනෙ දොර වහලා තිබ්බේ.අනික කවුද හිතුවේ වැඩිහිටියන්ට පමණයි සීන් යනවා කියලා මේකෙ ඇතුළේ”

විශාන් පැවසුවේ තරමක් උස් හඬිනි.

“කට වහපන් ගොබිලෝ...අම්මලට ඇහෙයි…”

"කිරි එකේ සීනි මදි වෙලාද මේකිගෙ කට කෑවේ..?"

“අනේ..හ්...මෝඩයා..”

විශාන්ගේ සරදම් ඉවසාගත නොහැකිව නේශා කාමරයෙන් ඉවතට දිව ගියේ විශාන්ටද රවමිනි.සශීර අවුල් වූ හිසකෙස් හදාගන්නට වූයේ විශාන්ගේ සිනහව තවත් පුලුල් වෙද්දීය.

“වැඩේ හිතුවට වඩා දුර ගිහින් වගේ”

සශීර එවර මනමාල සිනහවක් පාමින් සිය යටි රැවුල පිරිමදින්නට වූයේ විශාන් සිනහවක් සමඟින් සශීරගේ ගෙල වටා සුරත යවා ඔහුගේ උදරයට සියුම් පහරක් ගසද්දීය.

........💛........ RITHU    SAKURA .......💛........

ඊටත් පසු දිනයේ නේශා රැකියාව බලා පිටත් වූයේ සශීර එනතුරු හිමීට ඇවිදමිනි.ඔහුට යැවූ කෙටි පණිවිඩ වලට ප්‍රතිචාරයක්ද නැත.ගත් එකම ඇමතුමද ඔහු විසන්ධි කළේය.ඔහු එනු ඇතැයි සිතූ නේශා සුපුරුදු මාවතේ පියනඟන්නට වූයේ වරින් වර පසුපසද හැරී බලමිනි.

සසර පුරා - Until Where stories live. Discover now