16 කොටස

664 58 2
                                    

...සසර පුරා...

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌼16 කොටස🌼

දෙදිනක් ගෙවී ගියේ අසුරු සැනිණි.ඒකාකාරී ලෙසට රැකියාවෙන් නිවසටත් නිවසින් රැකියාවටත් දිවිය ගලාගෙන යන්නට විය.නේශාට සහ සශීරට ද එය පොදු විය.එක් හවසක සශීර තාරකගේ කාර්යාලය වෙත බලා නික්මුණේ තාරකගේ ඉල්ලීමකට අනුවය.සිය ව්‍යාපාරයට සමගාමීව නිර්මාණය කෙරෙන මිලාධික නොවන කාන්තා ආභරණ විකිණීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවයක් තාරකට විය.සශීර රැකියාව කරන්නේද ඒ අංශයෙන් වීම නිසා තාරකගෙන් ඒ සඳහා අවශ්‍ය දත්ත රැස් කරගැනීම සඳහා ඔහු හමුවීම සුදුසුයැයි සශීර තීරණය කළේය.ඒ වනවිට නේශා සිටියේ සාමාන්‍ය පරිදි සිය රාජකාරි කටයුතු වල නියැලෙමිනි.

"ඒ....අන්න අර හැන්ඩියා අදත් එනවා..."

යුවතියන් දෙදෙනෙකු රහසින් මුමුණන හඬ නේශාටද ඇසුණි.ඇය හිස ඔසවා අර්ධ බැල්මක් හෙලුවේ ඔවුන් එතරම් වුවමනාවෙන් බලන තරුණයාව දැකගැනීමේ අටියෙනි.සුදු පැහැති අත් දිග කමිසයක් ඇඳ එයටම කැපෙන කළු පැහැති කලිසමකින් සැරසී සිය කාර්‍යාලය තුළට පියමනින සශීරව දැක නේශා ගල්ගැසුනාය.එසේ නම් ඔවුන් පවසන හැන්ඩියා ඔහුය.මෙවැනි වෙලාවක ඔහු තාරකව මුණගැසීමට නොඑන බව දැන සිටි නේශාට ඔහුගේ පැමිණීම ගෙන ආවේ පුදුමයකි.

"මාර ලුක් එකක් බන් තියෙන්නේ..."

නේශාට ඉවසුම් නැත.ඔවුන් කතා වෙන කඩවසම් තරුණයා සිය සමීපතමයෙක් බව ඔවුන්ට ඇඟවීමට සිතෙන තරම් තුනී ඊර්ශ්‍යාවක් ඇයට දැනුණි.

"හැබැයි ටිකක් ලොකුකම නේ?"

තවත් ඉවසිය නොහැකි තැන නේශා සශීර දෙසම බලාගෙන සිටියේ ඔහු සමඟ සිනාසීමේ අපේක්ෂාවෙනි.නමුත් දෙනෙත් ඔසවා සශීර ඇය දෙස බලන ඇසිල්ලෙම ඇයව නුදුටුවාක් මෙන් තාරකගේ කුටියට ඇතුලු වෙද්දී නේශාගේ මුවෙහි මැවුණු සිනහව වියැකී යන්නට විය.

'හඩ්ඩා...කිව්වත් වගේ මේක පුදුම ලොකුකමක්'

නේශා සිතින් මිමිණුවේ දැනුණු ලැජ්ජාවටමය.යුවතියන් නම් ඔහු දෙස බැලුවේ රහසිනි.නමුත් නේශා ඔහු තමා දෙස බලතැයි සිතා ඔහු දෙසම බලාගෙන සිටියේ හොරෙන් නම් නොවේ.සිදු වූ අපහසුතාවය තව තවත් වැඩිවූයේ යුවතියන් දෙදෙනා තමන් වෙතට හෙලූ අවඥාසහගත බැල්ම නෙත ගැටීමෙනි.

සසර පුරා - Until Where stories live. Discover now