🎵🎵 New Roommate 🎵🎵

51 13 9
                                    

👗👗 Chapter 02 👗👗

" හ..හායි හනා! "

මිනීගේ මූන සුදුමැලි පාටට හැරිලා තියෙද්දි මිනී බොරු හිනාවක් දාලා හනාට අතට අත දුන්නා.

" හනා එහෙනම් මිනීව room එකට එක්කන් ගිහින් එයාගේ බඩුටික අස් කරගන්න උදව් කරන්නකෝ...ම්ම්..මං ගිහින් එන්නම් එහෙනම්..මොකක්හරි ප්‍රශ්නයක් උනොත් මට කතා කරන්නකෝ"

Mrs.ලී එහෙම කියලා මිනීගේ උරහිසටත් තට්ටුවක් දාලා එතනින් යන්න පිටත් වුනා.

" එහෙනම් මිනී room එකට ය___"

" ම්ම්...මේ...ම..මගේ රෙදි බෑග් එකක් මං එලියේ තියලා ආවා. මං ඉක්මනට ඒක අරන් එන්නම් "

හනා හිනාවෙලා මිනීට කියන්න යද්දිම මිනී එහෙම කියලා උසේන් බෝල්ට්ගේ නංගි වගේ අඩියට දෙකට හොස්ටල් එකෙන් එලියට දුවගෙන ආවා.

හොස්ටල් බිල්ඩින් එකෙන් එලියේ පැත්තකට වෙන්න මුවාවෙලා මිනී එයා එල්ලන් හිටපු චූටි handbag එකෙන් ෆෝන් එක අරන් මූනත් බෙරිකරගෙන කාටදෝ කෝල් එකක් ගත්තා.

" අනේ හොබා!!...මාව එක්කන් යන්න වරෙන්කෝ! මට නම් බෑ මේක අස්සේ අර යස්සනිත් එක්ක ඉන්න! "

මිනී ෆෝන් එකත් කනේ ගහගෙන නහයෙන් අඬන්න ගත්තේ මිනීගේ සද්දෙට ලයින් එකේ එහාපැත්තේ හිටපු හොබීගේ කනට මීපැනි වක්කරනවා වගේ දැනෙද්දි.

Oh! Wait!!..What??..මිනී කොහොමද හොබීව අඳුරන්නේ?..

~~ Flashback ~~

--- @ Jimin's House ---

" හරි!..තව ටිකයි..තව හයියෙන් හොබා..තව ටිකක් ඇතුලට ඔබපන්! "

ජිමින්ව ලඟ තියාගෙන ලොකු බාරදූර රාජකාරියක යෙදිලා හිටපු හොබීව ටේහ්‍යුන් කෑගහලා තව ටිකක් දිරිමත් කරා.

" ඔය ඇති හරකෝ!! තවත් ඔය මඟුල අස්සට දැම්මොත් මං හුස්ම හිරවෙලා
මැරෙන්නේ! "

ජිමින් ඇඳන් හිටපු ladies blouse එක අස්සට fake breast cup එකක් ඇතුලට ඔබන්න දඟලන හොබීව පස්සට තල්ලු කරන ගමන් ජිමින් කෑගැහුවා.

ම්ම්...ඇත්තටම ඒක මෙහෙමයි..

හොබී, ටේහ්‍යුන්, යුංගි, ජන්කුක් හතරදෙනා කුකුලත් අතේ තියාගෙනම උදේ ජිමින්ගේ ගෙදර ආවේ, කලින් දවසේ රෑ ක්ලබ් එකේදි plan කරපු විදිහට ජිමින්ව යුනි එකේ ladies hostel එකට යවන්න ලෑස්ති කරවන්න.

~GF or BF?~Ongoing|| PJMWhere stories live. Discover now