🎵🎵 Cheer Up!🎵🎵

57 12 1
                                    

👗👗 Chapter 03 👗👗

" මිනී ඔයාගේ අයිස්ක්‍රීම් එක දියවෙලානේ! ඇයි ඔයා කන්නේ නැත්තේ? "

හනා අයිස්ක්‍රීම් එක ගෙනල්ලා දීලා විනාඩි හතරක් පහක් ගෙවිලා ගියත් අයිස්ක්‍රීම් එක ඔහේ අතේ තියන් වෙන පැත්තක් දිහා බලන් හිටපු මිනීට හනා කිව්වා. එතකොට තමයි මිනී ගැස්සිලා ගිහින් එයාගේ අතේ තිබුනු අයිස්ක්‍රීම් එක දිහා බැලුවේ.

" අම්...මේ...මේ..."

" ඇයි ඔයා orange flavor එකට කැමති නැද්ද? ම්ම්? "

මිනී උත්තර දෙන්න හදද්දි අයිස්ක්‍රීම් කට වටෙත් ගාගෙන කකා හිටපු හනා ඇස් හීනිකරලා මිනී දිහා බලලා ඇහුවා.

අැත්ත වශයෙන්ම මිනීට එහාපැත්තේ හිටපු ජැක්සන් තමන්ගේ අයිස්ක්‍රීම් එක කාලා ඉවරවෙලා මිනී දිහා ආදරේ පිරුනු ඇස්වලින් හැඟීම්බරව බලාගෙන ඉද්දි මිනීට අතට ගත්ත අයිස්ක්‍රීම් එක කන්න තිබුනු ආසාව එහෙම්පිටින්ම නැතිවෙලා ගිහින් තිබුනා.

තමන්ට වැදෙන්න ගියපු මාරාන්තික foot ball එකෙන් බේරගත්ත එකට කියුට් මිනීට ප්‍රති උපකාර දක්වන්න ඕන නිසා ජැක්සන් මිනී බෑ කියලා පස්ස ගහද්දිම හනාවයි මිනීවයි ground එක ලඟ තිබුනු අයිස්ක්‍රීම් හට් එකට එක්කගෙන ගිහින් තුන්දෙනාටම අයිස්ක්‍රීම් කෝන් ගත්තා.

" අ...අනී..එ..එහෙම එකක් නෑ..මං කැමති___"

ඩොග්!

මිනී ලාවට හිනාවෙලා කියද්දිම වගේ මිනීගේ අතේ තිබුනු අයිස්ක්‍රීම් එක දියවෙලාම බිමට පතබෑවුනා.

" අයිගෝ! වැටුනා නේද?..ඉන්නකෝ! මං තව එකක් අරන් එන්නම්! "

" ඕන නෑ හනා..මට කන්න බෑ දැන්.. "

මිනී කියද්දි හනා ආයෙත් අයිස්ක්‍රීම් හට් එක ලඟට ගිහිල්ලත් ඉවරයි.

" අම්...අැත්තටම..මං මේ කල්පනා කරේ මං මීට කලින් ඔයාව කොහෙදිමහරි දැකලා තියෙනවා කියලා..ඔයාගේ මූන මට ගොඩක් හුරුයි වගේ.."

හනා අයිස්ක්‍රීම් අරන් එනකන් එතනින් පැනගන්න ඇඟිලි ගැන ගැන හිටපු මිනී දිහා ජැක්සන් ඇස් හීනිකරන් බලලා කියද්දි මිනීගේ නලල දෙපැත්තෙන් දාඩිය වැක්කෙරෙන්න ගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

~GF or BF?~Ongoing|| PJMWhere stories live. Discover now