𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 6

925 208 30
                                    

මුළු වත්ත පුරාම ජන්කුක්ගෙයි යුන්ගිගෙයි හිනා හඬ පැතිරිලා..දෙන්නම එකතු වෙලා foot ball play කරනවා..යුන්ගි උදේ ජන්කුක්ගෙ ගෙදරට ආවේ අද එයාලට maths class එක පටන් ගන්න නිසා.teacher එන්න තව වෙලා තියන නිසා යුන්ගි ආපු වෙලේ ඉඳන් දෙන්නම සෙල්ලම් කරන්න ගත්තා.

"හහ්! කුක් ඔයා මාර දක්ෂයෙක් වෙලානෙ.."

"එහෙම තමයි මම ඔයා වගේ කම්මැලිකමට practice යන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ"

ජන්කුක් කට කොනින් ආඩම්බර විදියට හිනාවුණාම යුන්ගි මූණ ඇදකරගත්තා.

"ඔයා තාම මගේ වැඩ හරියට දැක්කෙ නෑ යූන්!!"

ජන්කුක් බෝලෙට පයින් ගහන ගමන් කිව්වා.

"ඔන්න බලන්න... මගේ වැඩ!"

ජන්කුක් කකුල ඈතට අරන් බිම තිබුණු බෝලෙට හයියෙන් පාරක් ගැහුවම බෝලේ උඩ ගිහින් ඈතට විසි වුණා..ඈතට විසිවෙලා යන බෝලෙ දිහා දෙන්නම කටත් ඇරන් බලාගෙන හිටියා. ඒත්... බෝලෙ ගිහින් නැවතුණු විදිය දැක්කම දෙන්නගෙ කටවල් හොඳටම ඇරුණා.ජන්කුක් යවපු බෝලේ ගිහින් නැවතුණෙ හොඳ විදියකටනම් නෙවෙයි!

"Oh my goddddd කුක්..ඔය කරගත්තෙ!"

යුන්ගි බයෙන් වගේ එහෙම උත්තර දුන්නා..ජන්කුක්ට යුන්ගි කිව්ව දේ ඇහුණෙවත් නෑ.එයාගෙ ඇස් තිබුණෙ කේන්තියෙන් වේගෙන් හුස්ම ගන්න ටේහ්‍යොන්ග් ළඟ..ටේහ්‍යොන්ග් ඇඳන් හිටපු සුදු පාට ෂර්ට් එක මැද හරියටම ලොකු මඩ පැල්ලමක් හිටලා..ඔව් ඒ ජන්කුක් යවපු බෝලේ හින්දා තමයි..පැල්ලමටත් වඩා වේගෙන් ආපු බෝලේ තමන්ගෙ ඇඟේ වැදුණම ටේහ්‍යොන්ග් රිදුණා..

"හ්-හ්‍යොන්ගි!"

ජන්කුක් දිහා කේන්තියෙන් බලන් හිටපු ටේහ්‍යොන්ග් මඟක් දුර බැහැලා හිටපු පඩිපෙළ ආපහු නැඟගෙන ගේ ඇතුළට ගියාම ජන්කුක්ගෙ උගුර කට වේලිලා ගියා..ටේහ්‍යොන්ග්ට හොඳටම කේන්ති ගිහින්!එයා වැදගත් ගමනක් යන්න ලෑස්ති වෙලා පහළට එන ගමන් හිටියෙ ඒත් මේ වගේ දෙයක් වෙයි කියලා කීයටවත් හිතුවෙ නෑ.

"කුකී! මන් ඔයාට එදා කියලා දුන්නා නේද...ඔයා කරන්න ඕනි ඔයාගෙ crush එකට ඔයා ගැන කැමැත්තක් ඇති වෙන දේවල්!"

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now