𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 21

1.1K 231 79
                                    

ටේහ්‍යොන්ග් හිටියෙ නින්දෙ..ටේහ්‍යොන්ග් ළඟම ටේහ්‍යොන්ගෙ එහාපැත්තෙන් ජන්කුක් ටේහ්‍යොන්ග්ට තුරුල් වෙලා නිදාගෙන හිටියා..

නින්දෙ හිටපු ටේහ්‍යොන්ග්ට දැනුණා එයාගෙ තොල් උඩ සීතල දෙයක් එහාමෙහා යනවා..කට කොනින් හිනාවුණු ටේහ්‍යොන්ග් ඇස් ඇරලා එයා දිහාවට යොමුවෙලා තියන බෝල ඇස් දිහා බැලුවා..ජන්කුක්ගෙ තොල්පෙති ටේහ්‍යොන්ගෙ තොල් උඩ තද වෙලා තිබුණෙ..

"Good morning හ්‍යොන්ගි.."

ටේහ්‍යොන්ගෙ තොල් මතම මුමුණපු ජන්කුක් එයාගෙ තොල් අහකට අරන් ටේහ්‍යොන්ග් එක්ක හිනාවුණා..ටේහ්‍යොන්ග් ආපිට ජන්කුක් එක්ක හිනාවෙලා ජන්කුක්ව ඇදට තද කරලා ජන්කුක්ගෙ ඇඟ මතට ඇවිත් මූණට ළං වුණා..

"Good morning.."

"ම්හ්... හ්‍යොන්ගී~"

ටේහ්‍යොන්ග් ජන්කුක්ගෙ තොල්වලට බර වෙලා ආපහු සිපගන්න ගනිද්දි ජන්කුක් කෙඳිරිල්ලක් පිටකරලා ටේහ්‍යොන්ගෙ බෙල්ල වටේ අත් යැව්වා..

*peep*

එකපාරටම කාර් එකක් horn කරන සද්දෙ ඇහුණු ටේහ්‍යොන්ග් නින්දෙන් ගැස්සිලා ඇහැරුණා..

ඔව්.. එයා මෙච්චර වෙලා දැකලා තිබුණෙ හීනයක්..ඒ නිසයි නින්දෙන් ඇහැරෙද්දිත් ටේහ්‍යොන්ගෙ මූණෙ හිනාවක් ඇඳිලා තිබුණා..ඒත් ඒ හිනාව ක්ෂණයකින් අතුරුදහන් වෙලා ගියා..

ටේහ්‍යොන්ග්ට ටිකකට කලින් ඇහුණෙ ජියෝන්ගෙ වාහනෙ horn එක..දැන් ටේහ්‍යොන්ග් ගොඩක් වෙලාවට ඇහැරෙන්නෙ ජියෝන්ගෙ කාර් එකේ සද්දෙට.. ඉස්සර එයා මීට කලින් ඇහැරුණා. මොකද හැමදාම උදේට college යන්න ලෑස්ති වෙන ජන්කුක්ගෙ කෑ ගැහිල්ලට ටේහ්‍යොන්ග්ව හැමදාම ඉබේම ඇහැරෙනවා..

ඒත් දැන්...ටේහ්‍යොන්ග්ව ඉස්සර වගේ ඇහැරෙන්නෙ නෑ.. මොකද උදේ පාන්දරට කෑ ගහන්න ජන්කුක් නැති නිසා!

ජන්කුක් යුන්ගිත් එක්ක USA ගිහින් දැනට සතියක් වෙනවා!

ටේහ්‍යොන්ග් Art exhibition එකට ගිහින් සතියකට පස්සෙ ආපහු ඩේගු ඉඳලා සෝල් එනකොට ගොඩක් දේවල් සිද්ද වෙලා තිබුණා..ඒ වෙද්දි ජන්කුක්ව USA යවන්න සේරම ලෑස්ති කරලා ඉවරයි ජන්කුක් යන්න තව සතියයි ඉතුරු වෙලා තිබුණෙ..ටේහ්‍යොන්ග් ආවට පස්සෙ එයා හැමදෙයක්ම දැනගත්තා..

𝙇𝙄𝙏𝙏𝙇𝙀 𝙊𝙉𝙀 (𝙏𝙆)Where stories live. Discover now