02 👽

189 46 19
                                    

මන් හිටියෙ ලොකු කොෆී ෂොප් එකක.. ඒක ඇත්තම කිව්වොත් හරි ලස්සන කොෆී ෂොප් එකක්.. ටේබල් දෙක තුනක් එක්ක හරි නිස්කලංක පරිසරයක තිබුණු ලස්සන ශොප් එකක්.. හැබැයි අර කව්ද කියන්න වගේ මේ කොෆි ශොප් එකෙත් මොකක්දෝ මන්දා කොස්සක් නොතිබුණාම නෙවෙයි.. නැ.. නෑ... මන් මේ කියන්නෙ කොෆි ශොප් එක අතුගාන කොස්ස ගැන නෙවෙයි... ආපු වෙලාවෙ ඉදන් මට දැනෙන්න හරි මාංජවික ෆීලින්ග් එක ගැන තමයි මන් මේ මේ තරම්ම කියන්නෙ ...

"හෝව්... හෝව්... ස්ටොප්...

අයි සෙඩ් ස්ටොප්...

මන් කියන දේ අහල ඉන්නවකො... "

මාවත් ඇදගෙනම කොෆි ශොප් එකට පිඹගෙන ආපු විෂ් දිහා බලල මන් පුලුවන් ඩම් එක දාලා ඒ යකාගෙ දඬු අඬු වගේ තියෙන තඩි අත් දෙකෙන් මගේ මේ සූට්ටන් අත යන්තම් ගලවල ගත්තා..

අම්මපා මේකා අලි මස් ගිලලද මේ තරම් හයියක්...??

පුෆ්....

හම්මෝ...! දැනෙන සනීපේ ..

විෂ්ගෙන් යන්තම් අත ගලවල ගත්තු මන් හීන් සැරේ මගෙ රබර් ඇහැ දැම්මෙ වටේ පිටේ හිටපු අයගෙ ටේබල් වලට....

අනේ කියන්න වදරක් නෑ ටේබල් වල හිටියෙ නම් හරීම සීදේවි දරුවො සෙට් එකක්.. අතරින් පතර හරීම නිවුණු තමන්ගෙ පාඩුවෙ ඔහේ වාඩිවෙලා ආපු වෙලාවෙ ඉදන් තමන්ගෙ ඉස්සරහ ඉන්න කෙනා ජීවිතේ පලවෙනි වතාවට දැක්ක වගේ අනිමිසලෝචන පූජාව කරන කපල් දෙක තුනක් ඇරුනම ඇඟ පුරාමයි මූන පුරාමයි විකාර පාට තල්ලි තල්ලි උලා ගත්තු නිපොලැක් තීන්ත කම්පැනි එකේන් ණයට ගත්තු නම්කිලා දෙතුන් දෙනෙකුත් ඒ අතරෙ හිටියා...

අනේ වාසනාවන්...!!

දෙයියනේ කියල ඒ ඩයලොග් ටීවී එකෙන් ආපු සැටලයිට් දෙක තුනකුත් ඒ අතරෙ ඉන්නව කියල විනාඩියක් දෙකක් ගතවෙනකොටම මට තේරුම් ගිහින් තිබුණා..

"කොහොමද ප්ලේස් එක..."

මගේ මෝඩ කිඹුල් සහෝදරයා එයාගෙ දත් තිස් දෙකම එලියට දාලා වටේට ඉදපු සුකුරුත්න් ටිකට විරිත්තන ගමන් ලා වට වගෙ මගෙන් ඇහුවා..

"අනේ හොදයි... මොකට කියනවද..? හරී හොදයි.. ශොප් එකත් හොදයි... ඔයත් හොදයි... ඇත්තම කිව්වොත් ශොප් එකේ හොදකමයි තමුසෙගෙ හොදකමයි මේ දෝරෙ ගලන ගමන් තියෙන්නෙ... ඒ තරමටම හොදයි...."

Mr. Alien (KTH) || On goingWhere stories live. Discover now