06 👽

68 18 21
                                    

"අනෙ දෙයියනේ මාව බේරල දෙන්න.. මන් ආයෙ කිසිම දවසක නරක වැඩ කරන්නෙ නෑ.. සත්තයි ආයෙම විෂ්ගෙ දත් බුරුසුවෙන් බ්ලැකීගෙ දත් මද්දවන්නෑ... තව සීනි බෝතලේට ලුණු මික්ස් කරන්නෙත් නැ.. විෂ්ගෙ ෆේෂ්වොෂ් බෝතලේ ෆේස්වොෂ් ටික අයින් කරල ඒකට බ්ලැකීගෙ ෂෑම්පු දාන්නෙත් නෑ.. කොටින්ම කිව්වොත් මන් ආයෙම ඒ නරක නෝටි ඇට්ටර වැඩ කරන්නෙම නෑ..."

මන් එකසිය විසි පස්වෙනි වතාවටත් දෙයියන්ගෙන් ඉල්ලුවෙ මේ වෙන්න යන විසාල කරදරයෙන් මාව බේරල දෙන්න කියල..

ඇත්තම කිව්වොත් මම හිටියෙ ඉහල උසාවිය ඉස්සරහ මරණීය දඩුවම් ලබන්න ඔන්න මෙන්න හිටපු අහින්සක විත්ති කාරයෙක් වගෙ.. මගෙ ඉස්සරහ මහා තේජසින් නඩුකාර තුමා උණු මගෙ මව් පාර්ශවයත් පැමිණිලි කාර පාර්ශවය විදිහට අප්පච්චිත් විශ් එක්කම බුම්මගෙන මන් දිහා බලාගෙන හිටියා.. මේ ලෝකෙ කරන්න පුලුවන් ලොකුම වරද කරපු මිනිහෙක්ට උනත් තමන්ගෙ වරද  පාපොච්චාරණය කරන්න දුන්නා උනාට මට මේ වෙලාවෙ මේ ඉහල උසාවියෙන් නම් ඒකට පොඩිම ඉඩක්වත් නෑ කියල තේරුණේ විෂ්ගෙ චුරු චුරු සද්දෙන් පටන් ගත්තු පැමිණිල්ල මහා දාරාණිපාත වැස්සක් වගෙ ටික ටික සද්දෙ වැඩිවෙලා ඇහෙනකොට...

" අප්පච්චි මෙයා හදන්න බෑ.. යේරාගෙ හිතුවක්කාරකම් දැන් එන්න එන්නම වැඩියි.."

විෂ් මහ මිනිහෙක් වගෙ කියවගෙන ගියේ මන් මූනත් ඇද කරන් බලාගෙන ඉන්න දිහා කට කොනින් හිනා වෙලා බලන ගමන්..

' හරි.. හිටපන්කො අද කොහොමද අර හූනිච්චියො බලන්නෙ කියල.. අද මන් ටීවි එකෙ වෑර් කපලා කනවා.. ෆෝන් කට්ට පොලේ ගහනවා.. හිටහන්කො කරන්න වැඩක්..  හරි මල්ලී.. බලමුකො අද අර බාග සායවල් ඇදන් ඉන්න ගෑනු දිහා කෙල පෙරන් බලන් ඉන්නෙ කොහොමද කියල.. දෙන්නම් .. මන්... අද.....'

විෂ්ට අද දෙන්න ඕන රිටර්න් එක ගැන හිත හිතම ඒ ඔක්කොම හීනෙන් මවාගෙන මන් තනියම හිනා උනා... ඒ එක්කම මට ඇහුනෙ අපච්චිගෙ කටහඩ..

"හරි.. දෝණි නම් කැමතියි වගෙ..."

මොකක්...? 

දෝණි මොකක් කිව්වා...??

මන් මොකටද දෙයියනෙ කැමති උනේ....?

නෑ... මන් කැමති නෑ... මන් කැමති නෑ..   පොඩ්ඩක් ඉන්න මොනව ගැනද මෙයාල මේ කියන්නෙ...

You've reached the end of published parts.

⏰ Last updated: Feb 06 ⏰

Add this story to your Library to get notified about new parts!

Mr. Alien (KTH) || On goingWhere stories live. Discover now