03👽

198 42 37
                                    


"මට.. මෙ.. මට ඕන.. මට ඕන..."

මන් ටිකක් විතර ලැජ්ජාවෙන් එහාට මෙහාට අංශක පහක් දහයක් හැරෙනකොට විෂ් දෙයියනේ කියල මට මේ ලෝකෙ තරු විතරක් නෙවෙයි අපායෙ තරුත් පේන තරමට ලාවට හීනියට වගේ මගේ සූට්ටන් කකුලක් උඩ ඒ යකාගෙ අලි තඩි කකුල තියල පෑගුවෙ ඇයි කියාන එක නම් මට දැවෙන පස්නයක්...

"මොකද..? අඩු ටික එක විදිහකට තියාගෙන ඉන්නම බැරිද...?"

"මෙතන විකාර නොකර තමුසෙට ඕන මගුලක් ඉල්ලනවා.. ඔය මනුස්සයට වෙන වැඩ නැ කියලද හිතන්නෙ..?"

විෂ් ආයෙම පාරක් මට රවල වටේ පිටේ ගෑනු ඔක්කොටම සිරික්කිය දාන්න ගත්තා...

මේක මහ විකාරයක් උනානෙ..

මූ මල් සරාගෙ පුතා කියලද දන්නෑ හිතාගෙන ඉන්නෙ...

මන් විෂ්ටත් රවලා ආයෙම මෙනූ එකටම ඔලුව ඔබා ගත්තා..

"මේ... මට මේ... මට ඕන දත් බුරුසුවකුයි ටූත් පේස්ට් එකකුයි..."

මෙනූ එකටම ඔලුව ඔබාගෙන මන් ඔහේ කියල දැම්මා.. ඇත්ත වශයෙන්ම කිව්වොත් මට මේ වෙලාවෙ ඕන කරල තිබුණෙ ඒ දේ තමයි..

ඒකට වැදගත් හේතු දෙකක්ම තිබුණා..

පලවෙනි එක තමයි මම හිටියෙ උදේ පාන්දර නැගිටපු ගමන් මගේ පිජාම කිට් එකෙන්..

දෙක.. අපෙ අප්පච්චි කියන විදිහට කෑම කන්න කලින් එක පාරක් හරි අපි දත් මදින්න ඕන.. මම කියන්නෙ උදේ නැගිට්ටම දත් මදින්න ඕන කියලා...

ඉතින් මන් අහන්නේ.. හොද බබෙක් වගේ දත් බුරුසුවක් ඉල්ලපු එක වරදක් නෙවෙයි නේද...?

කොහොම උනත් කන්ෆියුස් උන්ගා බුන්ගා උණු මූණු දෙකක් එක්ක දෙන්නෙක් මන් දිහා කන්න වගේ බලන් හිටියත් මන් ඒ දෙන්නව පයට පෑගුණු කුණු චුට්ටක් තරම්වත් ගනන් ගත්තෙ නෑ..

අපි නම් තෙමෙයි වැස්සට...!!

"මිස්.. මන් හිතන්නෙ ඔයාගේ ඕඩර් එක මට කැන්සල් කරන්න වෙයි..."

හැන්ඩ්සම් බෝයි මන් දිහා බලල කිව්වම මට චූට්ටක් විතර හිත රිදුනද මන්දා.. මගෙ පපු කුහරෙ ඇතුලේ කීං කීං ගාලා මොනාද මොනාද වෙලා මගෙ දුක දෝරෙ ගලන් කකුල් දෙක යටින් බේරුනාද මන්දා...

Mr. Alien (KTH) || On goingDonde viven las historias. Descúbrelo ahora