05👽

100 23 19
                                    

විෂ්ගෙ තේ එල්ලිලා අල්තාරෙට යන සුකුමාල සුන්දර ලලනාවක් වගෙ මවා ගත්තු ලොකු ලැජ්ජාවකුත් එක්ක මන් අඩියෙන් අඩිය පඩිපෙල බැස්සෙ මගේ මව්තුමා දායාද කරපු හයේ හතරෙ සයිස් පොල් හීල් එකක් තියෙන ටොක් ටොක් එකකුත් දාගෙන..  පොඩ්ඩක්  ඉන්න.. මන් ටොක් ටොක් දෙක කියල කිව්වෙ නම් මට අලුතෙන්ම ලැබුණු හීල්ස් දෙකට උනාට ඇත්තටම  ඒකෙන් සාමාන්‍යයෙන් එන ටොක් ටොක් සද්දෙ වෙනුවට කොහෙන්දෝ මන්දා ආපු බොල් බොල් සද්දයක් නම් මන් අඩිය තියන තියන සැරෙට පොලොව දෙදරන්න තරම් සදෙට ඇහුනා...

හීල් දෙක පුස්කාලද කොහෙද මයෙ හිතේ.. ඒකයි ඔය බොල් බොල් සද්දෙ..!!

කොහොමින් කොහොම හරි කොරවක්කා නෙළුම් කොලෙ යන්න වගේ තාලෙට අඩිය තියාගෙන ගැම්මට විෂ්ගෙ අතෙ එල්ලිලා මන් පඩිපෙල බහින හැටි පහල හිටපු මගෙ හත්මුතු පරම්පරාවම බලන් හිටියෙ මාව ජිවිතේ පලවෙනි වතාවට දකින්න වගෙ කියලයි මට නම් හිතුනේ .. ඊටත් වඩා පහල හිටපු කිරි හූනො ටික සැරින් සැරේ මන් දිහා  බලන එකයි කුචු කුචු ගගා මට නොතේරෙන භාෂාවකින් කතා කරන එකයි නම් මට කොහොමවත්ම වෙන්න යන දේවල් ඇගට ගුණ නෑ කියන වෝනින් එක හැමෝටම කලින් දීල තිබුණෙ මගෙ වාසනාවකටද අවාසනාවකටද කියන්න මන් දැනන් හිටියෙ නැ...

"දෝණි ගිහින් අප්පච්චි ලගින් වාඩි වෙන්නකො..."

කවදාදත් නැතුව මගෙ මව් යානාව ආදරෙන් ඔලුවත් අතගාලා කිව්වම.. මේ වෙන්න යන්නේ මොන වගේ ගිනිවිජ්ජුම්බරයක් ද කියල මන් තත්පර දෙක තුනක් කල්පනා කලා..

"යන්න.. දෝණි.. ගිහින් වාඩි වෙන්න...."

ආයෙම පාරක් මගෙ මව් යානාවගේ ටින්කිරි ටිකිරි වොයිස් එක ඇහුනා..මේ පාර නම් ආදරේ අස්සෙ පෝඩ්ඩක් විතර අනතුරු ඇඟවීමක් තිබුණද මන්දා.. ඌප්ස්.. එයාට ඩෝං ගිහින්..

'ඔච්චරටම කියන එකේ.. ඔන්න ඔහේ ගිහින් වාඩි වෙනවා...''

මන් මගේ බොල් බොල් සද්දෙ ආපු ටොක් ටොක් දෙක තව ටිකක් වැඩියෙන්ම සද්දෙ ඇහෙන විදිහට අඩි තියල ගිහින් අප්පච්චි ලඟ කවුච් එකෙන් ඉදගත්තා.. කවුච් එකෙ වාඩි වෙලා මන් විනාඩියක් දෙකක්...නැ... විනාඩි එක හමාරක්වත් නිදහසෙ හිටියද කියන්න මට මතක නැති වෙන තරම්ම ඉක්මනට මගෙ පාප ග්‍රහයා උණු මගෙ එකම කිඹුල් සහෝදරයා මන් ලගට ඇවිත් ජබොක් ගාලා ඒකාගෙ හතර ගාතෙම දාලා බූරු ඇදක් එලාගෙනම වාඩි උනා..

Mr. Alien (KTH) || On goingWo Geschichten leben. Entdecke jetzt