16 Chapter

261 40 8
                                    

@ Night
Author pov

කියා හිටියේ ශවර් එකෙන් වැටෙන සීතල වතුරවල පහස විදින ගමන්.චූටි චූටි වතුර බිංදු මුලු ගතම සිපගෙන තමන්ගේ මහන්සිය නිවන විදිය කෙල්ල ඇස් පියාගෙන වින්දා..

මීට මොහොතකට කලින් තමන්ගේ රත් වෙලා ගියපු ලේ ටිකත් මේ වතුර ටිකට නිවලා දාන්න පුලුවන් වුණා.කෙල්ලට හිතාගන්න බැරි වුණා ටේහියුන් තමන්ව මෙච්චර විශ්වාස කරා කියන එක ගැන.සමහරවිට ඒ එයාට කියාව තමන්ගේම සහෝදරියක් වගේ දැනෙන නිසා වෙන්න ඇති!!

ඒත් කෙල්ලට අමතක කරන්න බෑ ඒ සිදුවීම..ඇත්තටම මොකක්ද එතන සිද්ධ වුණේ??

1 hour ago..

"කියා!! උත්තර දෙනවා? මොකක්ද මේ?

"ඔ..ප්පා මන් !! "

ටේහියුන්ගේ නහර පවා අත්වල ඉලිප්පිලා තියෙන විදිය දැක්කාම කියාට වචන පවා පිට වුණේ නැති වුණේ නැති තරම්.කොල්ලගේ කම්මුල් නලියන විදිහටම කෙල්ලගේ ඇගත් එක්ක ගැහෙනවා.කියා ශක්තිමත් තමයි.හැබැයි බැදීම් ඉස්සරහ ඕනම කෙනෙක් දුර්වලයිනේ?

"කියපන්!! "

"ඔප්පා මම ඇත-- ආහ් "

කියාගේ වචන හරස් කරන ගමන් කොල්ලගේ ලොකු අතකට කෙල්ලගේ බෙල්ල මැදි වුණේ හිතන්නවත් කාලයක් නොතියා..කොච්චර දැගලුවත් ඒ අත තව තවත් තද වුණා මිසක් බුරුලක් නම් ලැබුනේ නෑ.

අවසානේ කොල්ලටම ඇති වෙලා අත ගන්නකොට කෙල්ල බිමට නැමිලා කහින්න ගත්තා ටේහියුන්ගේ කදුලු පිරුණු ඇස් ඒ දිහාවට යනකොට.කොල්ලට තරහයි ඒ වගේම දුකයි කෙල්ල කරපු බොරුවට!! එයාලා මොන තරම් කෙල්ලව විශ්වාස කරාද??

"ඇයි උබ මෙහෙම කලේ?? අර කොල්ලා තමුසෙට කරපු වැරැද්ද මොකක්ද යකෝ? ඒ තරම්ම අපේ ආදරේ විහිලුවකට ගත්තේ කොහොමද යකෝ?? "

"ඔප්පා අහන්න-- "

"කටවහපන් "

කියා ගැස්සිලා ගියා ඒ විරූපී හැසිරීමට..

"ඔප්පා ඔයා හිතන දේ නෙමෙයි මෙතන වුණේ!මම මුලදී ආවේ ඒකට වුණාට මම දැන් ඇත්තටම ඔයාලාට ආදරෙයි!-- "

"බොරු!! "

"නෑ! මම ආදරෙයි..මම එයා වෙනුවෙන් තමයි මේ රස්සාව පවා අතැරියේ! ඔයාට විශ්වාස නැත්නම් ඕක බලන්න. එහෙමත් විශ්වාස නැත්නම් ඒක ඔප්පු කරන්න විදියක් කියන්න මම ඕන දෙයක් කරන්නම් "

Falling red rose ॥ JJK ॥ ✔️Où les histoires vivent. Découvrez maintenant