19 Chapter

220 42 11
                                    

"ජ..ජන්කුක් "

".............. "

"ජන්-- ආහ්හ් "

කියාගේ වචන හරස් කරන ගමන් වැදුන කම්මුල්පාරට කෙල්ල විසිවෙලා ගියේ පඩරැලක් වගේ. ඒත් කම්මුලේ වේදනාව කෙල්ලට දැනුනේ නැති තරම්!! මොකද කියා දැක්කා තමන් දිහා කදුලු පුරවගෙන ඇසුත් රතු කරගෙන බලාගෙන ඉන්න ජන්කුක්ව.

ඒ ඇස්වල දකින වේදනාවට සම්පූර්ණ හේතුව තමන් කියලා දැනෙනකොට කෙල්ලව පිච්චිලා ගියා.මීලගට වෙන දේ ගැන කිසිම හෝඩුවාවක් එයාට ලැබුනේ නෑ වගේම හිතන්නවත් වෙලාවක් එයාට ලැබුනේ නෑ!! මොකද ඊට කලින් එයාට දැනුනේ එයාගේ ඇදිලා ගිහින් බිත්තියට තද වෙන විදිය විතරයි..

ඔව්!! ජන්කුක් ඒ වෙනකොටත් කෙල්ලගේ අතේ මැණික් කටුව ලගින් අල්ලගෙන බිත්තියට තද කරගෙනයි හිටියේ...

"උබ!! උබ කොහොමද එහෙම කරේ?? ආර්ර්...කියා!! උබ මාව රැවැට්ටුවද?? මට ඇත්ත කියපන්.."

ඒ එක දේකටවත් උත්තර දෙනවා තියා කෙල්ල හිටියේ වචනයක්වත් කතා කරගන්න බැරි තත්වෙක.මොකද දැන් ජන්කුක් හැසිරෙන විදිය දැකලා කෙල්ලට හොදටම  ඇඩිලයි හිටියේ..

"ජන්..ජන්කුක් ම..ම කියන දේ අ..හ-- "

"මට නිදහසට හේතු එපා!! මට කියපන් ඇයි මෙහෙම බොරුවක් කරේ? මාව අල්ලගන්නද ඕනේ? මගේ රහස් දැනගන්නද ඕනේ? උබ ඔක්කොම දැනගෙන නේද හිටියේ!! ඇයි නිකන් හිටියේ? "

ජන්කුක් පිස්සෙක් වගේ කියව කියව යද්දී කෙල්ල කරේ තවත් ඉකි ගහපු එක.එයාට හිතාගන්න බැරි වුණා දැන් මොකක්ද කරන්න ඕන කියලා! මේ වෙලාවේ තමන් අසරණයි කියලා දැනුනත් ඊටත් වඩා තමන්ගේ වැඩ නිසා ජන්කුක් අසරණ වෙලයි ඉන්නේ කියලා කෙල්ලට හොදටම තේරිලයි තිබුණේ..

කියාගේ ඇස් මෙච්චර වෙලා බිමට හැරවිලා තිබුණත් ආපහු ජන්කුක් දිහාවට ගියේ කොල්ලා කෙල්ලව අතෑරලා දාලා එක පාරම ඇදට වැටිලා ඉදගනිද්දී..

"ම..ම හිතුවා ඔයා මට ආදරෙයි ඇති කියලා? ඔයාත් යේරා වගේ නැතුව අවංකව මට ආදරෙයි කියල හිතුවේ ඩෝල්? ඇයි..මගේ හියොන්ග්ලා දුන්න ආදරේ මම දුන්න ආදරේ මේ තරම්ම පහත් තැනකට දැම්මේ!! එයාලා දැනගත්තොත් මොනවා හිතෙයිද කියා? අඩුම මන් ගැන නැතත් ඒ අය ඔයාට දුන්න ආදරේ ගැන හරි හිතන්න තිබුණා නේද?? "

Falling red rose ॥ JJK ॥ ✔️Where stories live. Discover now