23 Chapter

320 50 21
                                    

කියා නිහඩවම ඈත පේන සෝල් නගරේ දිහා බැල්කනී එකෙන් බලන් හිටියා. සීතල හුලග තමන්ගේ ඇග වටේ දග කරනකොට හිරිවැටිලා ගියත් එයාට ගාණක් දැනුනේ නෑ.වෙනදට තමන්ගේ සීතල මකන ජන්කුක් දැන් කොහෙද?

මාස තුනක් ගත වෙලා! ඒත් ජන්කුක්.කියා..එක ගෙදරක ජීවත් වුණත් නාදුනන දෙන්නෙක් වගේ! පොඩි දේටත් ජන්කුක් කෙල්ලට බයිනකොට කියා ඉවසන් හිටියා.මෙහෙම වෙන්න හේතුවත් තමන්ම නිසා.ඒත් එක දිගටම ජන්කුක්ගේ ආදරේ විදලා විදලා මේ වෙන වෙනස්කම් දරාගන්න කෙල්ලට ලේසි වුණේ නෑ!!

පැය ගානක්ම එලියේ සීතලේ හිටිය කියාට ඇතුලට යන්න කියලා හිතුනේ එයාගේ බඩකෑගහන සද්දේ නිසා. එවෙලෙයි එයාට මතක් වුණේ දවල්ටත් එයාට කන්න බැරි වුණා නේද කියලා.ඒ නිසාම බැල්කනී එකේ දොරත් වහන ගමන් එයා හිමින් සීරුවේ පඩිපෙල දිගේ පහලට බැස්සා.

ඒත් එයා එනකොටත් හැමෝම ටේබල් එකේ ඉදගෙන කෑම ගන්නවා දකිනකොට එයාට පපුව පිච්චිලා ගියා.දවස් ගාණක් තිස්සේ එකම දේ දිගින් දිගටම සිද්ධ වෙනවා. කෙල්ල කෑම ගන්න ආවොත් ඒ වෙලාවට අනිත් අය කාලා ඉවරයි. ඒකෙන් කෙල්ලට කන්න තියෙන පිරියත් නැතිවෙලා යනවා..

දැනුත් කෙල්ලට ඇඩෙන්න වගේ. එයාව දැන් කඩලාම දාලා වගේ හැගීමක් දැනෙන්න ගන්නකොට එයාට බිත්තියට වාරු වුණා.එහෙන්මම එයා කිචන් එකට ගියේ ජන්කුක්ගේ නපුරු ඇස් තමන් දිහාවට හැරිලා තියෙනවා ඇස් කොනෙන් දකිනකොට..

"අජුම්මා "

දැන් මාසෙකට විතර කලින් අලුතින් වැඩට ආපු ගෑණු කෙනා තමයි මැන්ෂන් එකේ කතා කරන්න කියලා කෙනෙකුට ඉන්නේ.

"නෝනා "

"කන්න මුකුත් නැද්ද? "

කෙල්ල ඇහුවේ උගුර වේලිලා වගේ දැනෙනකොට.කවදාවත් නැති අසරණකමක් එයාට දැනුනා.ජන්කුක්ගේ ආදරේ එයාට ඕන තමා.ඒත් මේ තරම් අසරණ වීමක්?

"අනේ නෝනා-- "

"පුලුවන් නම් මට කිරි එකක් ගෙනත් දෙනවද? "

කෑම ඉවරයි කියලා ඒ කටින් අහනවට වඩා කෙල්ල කලින්ම උත්තරයක් දෙනකොට ඒ ගෑණු කෙනා ගෑස්ලිප ඔන්කරලා කෙල්ල දිහාවට අහිංසක හිනාවක් දැම්මා.

Falling red rose ॥ JJK ॥ ✔️Where stories live. Discover now