chapter 3🥀

66 15 0
                                    

අහස කලුවරින් බර වෙලා.වරින් වර ඇසුනු ගිගුරුම් සද්දේ තව ටික මොහොතකින් මහා ලොකු වැස්සක පෙරනිමිති කියාපෑවා...
මුලු පරිසරයම අදුරුයි,පාලුයි හරියට මගේ හිත වගේ.....
එක්වරම වතුර බින්දු එකින් එක බිමට වැටෙන්න පටන්ගත්තත් ටික වෙලාවකින් එය වේගයෙන් පොලොවට කඩන් වැටුනා..

'ඔහ් කුඩයක්වත් ගෙනාවේ නැහැ නේද'

ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන්න බලාගෙන හෝල් එකෙන් එලියට ආවත් මට මතක් වුනේ කුඩයක්වත් නැති වග.
එහෙම්මම කරේ එල්ලන් හිටපු බෑග් එක ගලවලා ඔලුව ආවරණය කරගෙන මන් වටපිටත් බලලා දුවන්න පටන්ගත්තත් මම එක තැනක නැවතුනේ,

-"මොනාද මෝඩීයේ කරන්නේ.වැස්සෙ තෙමිලා හෙම්බිරිස්සාවක්වත් හදාගන්නද හදන්නේ ආහ්.."

-"අනේ ජංග්කුක්...මේ පුංචි වැස්සට තෙමුනා කියලා හෙම්බිරිස්සාව හැදෙනවද අනේ.."

රතු පාට කුඩයක් යට දෙන්නම හරි ආදරෙන් ගුලි වෙලා...ඇයගේ එක කනක් මිරිකලා ඔහු තරවටු ලිලාවෙන් මොන මොනවදෝ කියනවා....

දෛවයේ හැටියක්.
ඔවුන් දෙදෙනම එක කුඩයක් යට තුරුලුවෙද්දි,
මම ඒ දිහා බලාගෙන එක තැනක නතර වෙලා....
තෙමි තෙමි බලන් ඉන්නවා.....
කදුලු බින්දු මුහුනට වැටෙන වතුර බින්දුත් සමගම මිශ්‍ර වෙලා පොලොවට වැටුනේ මන් අඩන බව මටම පමනක් වෙන්වුනු රහසක් වෙලා යද්දියි....

My Frist Love 🥀Where stories live. Discover now