chapter 5🥀

59 14 0
                                    

කැරකෙමින් පැවතුනු සිවිලිම් ෆෑන් එක බොදවෙමින් මට පෙනුනේ....
හිමින් සැරේ ඇස් පිල්ලම් ගසලා වටපිට බැලුවම පෙනෙන්න තිබුනේ ඇදේ කොනක වාඩි වෙලා මගේ දිහා බලන් ඉන්න ඔම්මව....

-"ඔ.ඔම්මා..."

-"අනේ මගේ දරුවෝ....දැන් ඔයාට කොහොමද..ඇගට අමාරුවක් දැනෙනවද..ආහ්.."

-"ඔ.ඔම්මා...."

මෙච්චර වෙලා හිතේ හිර කරන් හිටපු හැම වේදනාවක්ම කටින් ඉකියක් වෙලා පිටවෙන්න ගත වුනේ සුලු මොහොතයි...
මන් ඔම්මව තරයේ බදාගෙන දවසක්ම අඩන්න ඇති....මගේ හිතේ දුක නිවෙනකන්ම ඒ දුක කදුලු කරලා ඇස් අගින් හෙලන්න ඇති....

-"ඔක්කොම හරියයි මගේ පැටියෝ...."

ඔම්මා ලොකු ආදරයකින් මගෙ පිටට තට්ටු කරමින් මාව සැනසුවා....මන් අඩන්න හේතුවවත් එයා මගෙන් ඇහුවේ නැහැ.
මන් අඩලා අඩලා ඉවරවෙනකන්ම මගේ ලගින් ඉදගෙන මාව සනසමින් එයා හරි ලස්සනට මගේ වේදනාබර හිත මොහොතකට සන්සුන් කලා....

..............................................

-"කෝ දැන් නැගිටින්නකෝ..අපි දැන් ගෙදර යමු ...හරිද..."

දෝතින්ම මගේ කම්මුල් වල තිබුනු කදුලු පාරවල් පිහිදාපු ඔම්මා මාවත් වත්තන් කරගෙන නැගිට්ටවලා හොස්පිට්ල් එකෙන් පිටත් වෙන්න සැරසුනා....

ඒ හැගීම පනපිටින් පුච්චනවා වගේ වේදනාවක් ලබා දුන්නත් තවමත් මන් ඒ හැගීමට ගොඩක් ආදරේයි..ඉදිරියටත් ආදරේ කරාවී.....මැරෙන තුරාවට මේ හිතේ පලවෙනි ආදරේ ලෙසම සදාකාලිකව පවතීවී.....

My Frist Love 🥀Where stories live. Discover now