chapter 7🥀

64 15 0
                                    

අවුරුදු 5කට පසු

-"කිම් ටේහ්‍යුන්ග් වන මොහුව ඔබගේ නීත්‍යානුකූල සැමියා ලෙස ඔබ පිලිගන්නේද?"

-"ඔව්.මන් පිලිගන්නවා.".............

අද මගේ ජීවීතේ වටිනාම දවසක් උදා වුනා....
විවාහය.....
ඔව්.අද මගේ විවාහය සිදු වුනා....
ඒ ඔහුත් සමග....
මගේ දෙමව්පියන්ගේ ලගම යාලුවෙක්ගේ එකම පුතා වුනු ඔහු අද මගේ නීත්‍යානුකූල සැමියා ලෙස දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්නා.......

ඒ හීනී දිගු ඇස්...
ඝන ඇහි බැමි වලින් අමුතුම පෙනුමක් ඒ මූනට ලැබුනා....
කෙල්ලෙක්ගෙ හිතක් මොහොතකට නවත්තගන්න පුලුවන් විදියේ ලස්සනක් ඔහුට තිබුනේ.....
හරිම ආඩම්බරකාරයෙක් වගේ මෙයා........

මෙච්චර කාලයක් මන් තනියෙන් හිටියත් ඔම්මලටනම් ඒක බලන් ඉන්න බැරි වුන නිසා ඒගෝල්ලෝ කතා වෙලා තමා මේ හැමදෙයක්ම සිද්දකලේ..මුලදි ඔම්මගේ බල කිරීමට මම මේ විවාහයට කැමති වුනත් දැන් මගේ හිතත් ටිකෙන් ටික ඔහුට නතු වෙන්න පටන් අරන්.....

මෙච්චර කාලේකට මගේ හිතේ ඉඩක් තිබුනේ,
මගේ පලමු ආදරේටයි......
දැන් ඒක වෙනස් කරන්න කාලය හරි.....
ඒත් මේ හිතේ එයාට වෙන් වුනු තැන ගන්න නම් කාටවත්ම පුලුවන් වෙන එකක් නැති වෙයි...

..................................................

කාලය හරි වේගයෙන් ගලාගෙන යනවා...
මගේ විවාහය සිදුවෙලා දැන් අවුරුදු දෙකකුත් ගත වෙලා ඉවරයි.....
මගේ සැමියා වුනු කිම් ටේහ්‍යුන්ග් කියන චරිතය මේ වෙනකොටත් මගේ ජීවීතේට ගොඩක් සමීප වෙලා ඉවරයි....
එයාගෙන් ලැබුනු ඒ ආදරය නිසා අතීතයේ මතකයන් සෙමින් සෙමින් මගේ මනසින් මැකිලා යන්න පටන් ගත්තේ මටත් හොරෙන්මයි.......
ඔව් .මාත් එයාට ආදරය කරන්න පටන් ගත්තා....
ඒ ආදරයේ සංකේතයක් විදියට තමයි අපි දෙන්නා අතරට අපේ පුංචි සේහූන් ආවේ...
ඒයාට දැන් වයස අවුරුද්දක් වෙනවා.
ඒ පුංචි හුරතල් වැඩ වලින් අපි දෙන්නගේ කාලය ගත වෙලා ගියේ මතක අතරට තවත් සුන්දර මතක ගොන්නක් එකතු කරමින්......

My Frist Love 🥀Where stories live. Discover now